රටේ බහුතරය තවමත් රාජපක්ෂ විරෝධී : එජාප ජය ස්ථිරයි !

රටේ බහුතරය තවමත් රාජපක්ෂ විරෝධී : එජාප ජය ස්ථිරයි !

රටේ මීළඟ ජනාධිපතිවරයා පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එක්සත් ජාතික පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

රටේ බහුතරයක් තවමත් රාජපක්ෂ විරෝධී අය බවත් ඒ පිරිස එක් කරගෙන පුළුල් සන්ධානයක් ඔස්සේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරයා බවට පත් කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ දොම්පේ ප්‍රදේශයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අපේක්ෂා කරන බවයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය බලාපොරොත්තු වන බවත් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක වැනි මැති ඇමතිවරු රාජපක්ෂ විරෝධීන් ලෙස සුදුසු තීරණයක් ගනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න