රවී ගේ ප්‍රකාශය වළක්‌වා ගත්තේ අගමැති - ජනාධිපති කියයි

රවී ගේ ප්‍රකාශය වළක්‌වා ගත්තේ අගමැති - ජනාධිපති කියයි

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක බැඳුම්කරය ගැන තමා කළ ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තුවේදී කරන්න ගිය විශේෂ ප්‍රකාශය මුල් අවස්‌ථාවේදී අගමැතිවරයා විසින් වළක්‌වා ගත් බවත්, දෙවැනි වර එය වළක්‌වා ගත්තේ කථානායකවරයා විසින් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය.

එහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසිය.

 ''බැඳුම්කර කොමිෂන් වාර්තාව ගැන මා කළ ප්‍රකාශය අසත්‍ය බව රවි කරුණානායක ප්‍රකාශ කළා. නමුත් එම ප්‍රකාශය කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ උපදෙස්‌ ඇතුවයි.

බැඳුම්කරය ගැන රවි කරන්න ගිය ප්‍රකාශය සිය දිවි නසා ගැනීමක්‌ ලෙසයි මා දකින්නේ.

මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තා බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව නීතිමය කටයුතු සහ එහි ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අයහපත් තත්ත්වයන් වළක්‌වා ගැනීම සඳහා මම සෑම කැපවීමක්‌ම කරනවා.''

තවදුරටත් මාධ්‍ය ප්‍රධානින් ඇමතු ජනාධිපතිවරයා ජාතිය අමතා තමන් කල ප්‍රකාශය කිහිප දෙනෙකු විසින් පිටපත් කරනු ලැබුවක් බව කියා සිටියේය.

හඬපටය මෙන්න

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න