බැසිල්ගේ ලිත් නඩුව : විනිසුරු මාරු කිරීමේ පෙත්සමේ තීන්දුවට දින නියම වෙයි !

බැසිල්ගේ ලිත් නඩුව : විනිසුරු මාරු කිරීමේ පෙත්සමේ තීන්දුවට දින නියම වෙයි !

පසුගිය ජනාධිපතිවරයේදී දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැයකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධව චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා නඩු විභාගය මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ විභාග කිරීම තහනම් කරමින් එම නඩුව වෙනත් විනිසුරු වරයෙකු හමුවට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බැසිල් රාජපක්ෂ විසින් ගොනුකළ පෙත්සමේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 27 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (31) නිවේදනය කළේය.

මෙම පෙත්සම් අද ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදී මේ බව නිවේදනය කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ මෙම නඩුව විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

පෙත්සම්කාර බැසිල් රාජපක්ෂ අභියාචනධිකරණය හමුවේ කියා සිටින්නේ සිල් රෙදි පිළිබඳ නඩු තීන්දුව ලබා දීමේදී විනිසුරු ගිහාන් කුලතුංග මහතා පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති බවයි.

තමා ද පසුගිය රජයේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දැරූ අයෙකු බැවින් තම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට ගතහොත් තමන්ට අගතියක් සිදුව හැකි බවයි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් තම නඩුවේ විභාගය විනිසුරු ගිහාන් කුලතුංග ගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද බැසිල් රාජපක්ෂ අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න