ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත සමුළුවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනයක් ලැබී නොමැති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.
පුද්ගලිකව ආරාධනා ලැබුණත් තමන් නම් එහි නොයන බවත් ඔහු පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර පක්ෂයක් ලෙස ආරාධනයක් ලැබෙන්නේ නම් පක්ෂය ලෙස තීන්දුවක් ගෙන සහභාගී වනවා මිස තමන්ට පුද්ගල සාධක වැදගත් නොවන බව එහිදී පැවසීය.
අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත සමුළුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් තම පාර්ශ්වයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
