ගෝඨාට තවත් පත්තරයක් : දිලිත්ගේ 'අරුණ' දිනපතා ප්‍රකාශයට (වීඩියෝ)

ගෝඨාට තවත් පත්තරයක් : දිලිත්ගේ 'අරුණ' දිනපතා ප්‍රකාශයට (වීඩියෝ)

'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු බාර ප්‍රධානියා වන දිලිත් ජයවීර විසින් අගෝස්තු 01දා සිට දිනපතා සිංහල පුවත්පතක් ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුට අයත් 'ලිබර්ටි පබ්ලිෂර්ස්' ආයතනය විසින් අගෝස්තු 01දා සිට 'අරුණ' පුවත්පත දිනපතා ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර තිබේ.

'අද දෙරණ' රුපවාහිනී ජාලයේ සභාපති හා 'ට්‍රයඩ්' දැන්වීම් ආයතනයේ ප්‍රධානියාද වන දිලිත් ජයවීර මෑතකදී 'ලිබර්ටි පබ්ලිෂර්ස්' ආයතනය ආරම්භ කරමින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුන අතර මේවනවිට 'අරුණ' නමින් සති අන්ත සිංහල පුවත්පතක් හා 'සන්ඩේ මෝර්නින්' නමින් ඉංග්‍රීසි පුවත්පතක් සෑම ඉරිදා දිනයකම ප්‍රකාශයට පත්කරයි.

'ඉරිදා අරුණ' පුවත්පතේ කතුවරයා ලෙස මහින්ද ඉලේපෙරුම කටයුතු කරන අතර 'සන්ඩේ මෝර්නින්' කතුවරිය වන්නේ, මිට ඉහතදී 'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කතුවරිය ලෙස කටයුතු කළ මන්දනා ඉස්මයිල් අබේවික්‍රමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ මහින්ද ඉලේපෙරුම, අලුතින් ආරම්භවන දිනපතා 'අරුණ' පුවත්පතේ ද කර්තෘ මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

'දිනපතා අරුණ' පුවත්පතේ කතුවරයා ලෙස ප්‍රවීන මාධ්‍යවේදියකු වන කුලශ්‍රී කාරියවසම් කටයුතු කරයි. පුවත්පත් ගණන්වල සේවය කර ඇති කුලශ්‍රී , අවසන් වරට රාජපක්ෂවරුන්ගේ CSN මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය.

අගෝස්තු 01දා සිට ප්‍රකාශයට පත්කෙරෙන 'දිනපතා අරුණ' පුවත්පතේ ප්‍රචාරය වෙනුවෙන් නිෂ්පාදනය කළ ආකර්ශනීය වීඩියෝ දෙකක් මේවනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න