Language Switcher

V2025

ගෝඨා ඇමරිකානු පුරවැසි භාවය අත්හැරිය බවට : තවත් ලියවිල්ලක් එයි !

ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය නිල වශයෙන් ඉවත් කර ගැනීමට අදාළ ලේඛනයක් පොහොට්ටුවට අයත් වෙබ් අඩවියක අද (01) උදැසන පළකර තිබේ.

එම සහතිකය අනුව 2019 අප්‍රේල් මස 17 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂගේ ඇමරිකානු පුරවැසිකම අහෝසි කර ඇති අතර 2019 මැයි මස 03 වැනිදා එය අනුමත කර ඇත.

පහතින් දැක්වෙන්නේ එම වෙබ් අඩවියේ පලවී ඇති ලේඛනයකි.

1 2සමාජ ජාලා කැලඹු ව්‍යාජ ලේඛනය !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂපාතී බවට හඳුනාගතහැති ෆේස් බුක් පිටු කිහිපයක් ඔස්සේ පසුගිය සඳුදා සිට එක්තරා සහතික පත්‍රයක් ප්‍රසිද්ධ කර තිබේ. එහි සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු රජය මගින් පුරවැසිභාවය ඉවත් කර දුන් බවට සහතිකයකි.

මෙම ලේඛනය තුළ ගෝඨාභයගේ නම පාස්පෝට් අංකය සහතික කළ අයගේ නම් හා තනතුරු ආදී වැදගත් දත්තද අඩංගුවේ. බැලුබැල්මට මෙය නිවැරදි සහතිකයක් බව පෙනී ගියත් මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී සංස්කරණය කර සැකසූ ව්‍යාජ ලේඛනයක් බවට හඳුනාගන්නට ලැබේ.

2

සත්‍ය ලෙසම මෙම සහතිකය මුදා හැරිය අය සිදු කර ඇත්තේ විකිපීඩියා වෙබ් අඩවියේ දක්වා ඇති සාම්පල ලේඛනයක කොටස් කිහිපයක් සංස්කරණය කිරීමකි. කෙසේ වෙතත් එම සංස්කරණයේදී ඇතැම් දින වැරදී යාම නිසා මෙම ලේඛනය කූඨ ලේඛනයක් බව වඩාත් පැහැදිලිවී ඇත.

 මේ ගැන සත්‍ය තත්වය ඊයේ (31) දින ඩේලි මිරර් පුවත්පතේ ලිපියකින්ච අනාවරණය කර තිබේ. කූඨ ලේඛනයේ හැටියට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය 2003 මාර්තු 13 ලබා ඇතත් සත්‍ය ලෙසම ගෝඨාභය එම පුරවැසිභාවය ලබා ඇත්තේ 2003 ජනවාරි 31 බව පුවත්පත විසින් හෙළි කර තිබේ.

එසේම ගෝඨාභයගේ පාස්පොට් එක ඇමරිකාව නිකුත් කර ඇත්තේ 2012 ඔක්තෝබර් වුණත් මෙහි දැක්වෙන්නේ 2012 ජුලි බවකි.

මේ ලේඛනයට අත්සන තබා ඇති ජොයෙල් ෆුල්ෆිල්ඩ් යන නම හා අත්සන විකිපීඩියා සාම්පල සහතිකයේ ඇති ආකාරයටම ව්‍යාජ ලේඛනයේ පිටපත් කර ඇත.

කෙසේ වෙතත් ඝෝඨාභය රාජපක්ෂ පසුගිය අප්‍රේල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව දක්වමින් ‘දිවයින’ පුවත්පතට ඊයේ ප්‍රකාශයක්ද කර තිබුණි.

අනුමත කළ විගස පුරවැසිභාවය් අහොසි නොවේ !

ගොඨාභය මෙම කටයුත්ත වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී අමරිකාවට ගොස් තිබූ අතර අප්‍රේල් 12 වන දින නැවත මෙරටට පැමිණියේය.

විදේශ පුරවැසියකු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එරට පවතින නීත්‍යැනුකූල ක්‍රම වේදය එරට 1940 දී සම්මත කර ගත් ජාතිකත්වය සම්බන්ධ පනතෙහි (the Nationality Act of 1940.) 501 වගන්තියෙහි පැහැදිලිව දැක්වේ.

අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඔහු සාධාරණ විශ්වාස කටයුතු හේතු ඉදිරිපත් කළ යුතුය,ඒ අනුව මෙසේ ලියකියවිලි බාර දීමෙන් පසුව එම බාරගැනීම රාජ්‍ය ලේකම්වරයා විසින් අනුමත කළ විගස පුරවැසිභාවය් අහොසි නොවේ.

අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුව එම ලියකියවිලි අමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට භාර දීම සිදුවන අතර එය අධිකරණමය කටයුතක් ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරේ. අමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ඉල්ලුම් කිරීමෙහි අර්ථය අමරිකානු රාජ්‍යයෙන් එම පුද්ගලයාට යම් අසාධාරණයක් අකටයුත්තක් සිදුව ඇති බවය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදු කරනු ලබයි.

මව් රටෙහි චෝදනා විමර්ශනය වනවදැයි විමසුවක් ?

එසේම අමරිකානු නීතිය අනුව එරට සිටියදී බදු ගෙවීම ආදී නීත්‍යානුකූල කටයුතු සිදුකර තිබේද ? එම පුද්ගලයාට එරෙහිව අමරිකාවේත් සිය මව් රටෙහි යම් චෝදනා විමර්ශනය වෙනවාද ආදි සියල්ල සොයා බැලීමක් සිදු කරනු ලබයි.

ඒ අනුව පුරවැසිභාවය අහොසි කරනවැද නැද්ද යන්න අධිකරණ දෙපාර්තමේන්තුව තීරණය කරයි. මෙම කටයුතට වසරක පමණ කාලයක් සාමාන්‍යයෙන් ගත වේ.

ඒ කෙසේ නමුත් ගෝඨාභය අමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා අදාල ලියකියවිලි බාර දී ඇති නිසා ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නීතිමය බාධාවක් නැති බවට තර්කයක්ද මේ වන විට ගොඩ නැගී තිබේ.

එය පිළිගැනිමට ලක් කරන ලෙස ගෝඨාභය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන් සහ රාජ්‍ය පරිපාලන ඇමැති වජිර අබේවර්ධනගෙන්ද පෞද්ගලිකවම ඉල්ලීමක් සිදු කර ඇති බවත් පසුගියදා වාර්තා වී තිබිනි. මේ අතර මැතිවරණ කොමිසමෙන්ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බව ද වාර්තා විය.

ඒ කෙසේ වූවත් යම් හෙයකින් ගෝඨාභය ජනාධිපති අපේක්ෂක ධුරය ලැබී ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කිරීමෙන් පසුව අමරිකාව එම පුරවැසිභාවය ඉවත් නොකිරීමට වුව තීරණය කළ හැක. ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනිම සඳහා සාධාරණ හා විශ්වාස කටයුතු තොරතුරු සපයා නැත්නම් එය එසේ සිදුවනු ඇත.

සොහොයුරාවත් රටත් ජනතාවත් ‍රැවැටවීමක්

මේ නිසා දැන් ගොඨාභය කළ යුතු වන්නේ තමාගේ ඇති අවංකභාවය පෙන්වීමට නම් පුරවැසිභාවයෙ ඉවත්කර ගැනීමට දැක්වූ කරුණු කාරණා මෙරට ජනතාව හමුවේ පෙන්වා දීමය. එහෙත් ඒවාද පෙර මෙන් ව්‍යාජ ලේඛන නොවිය යුතුය. පුරවැසිබාවය ඉවත් නොකිරීමට ගෝඨා ඉදිරිපත්කර තිබෙන හේතු ව්‍යාජයන් නම් ඔහු මේ කරන්නේ තම සොහොයුරාවත් රටත් ජනතාවත් ‍රැවැටවීමකි.