ජනපතිගේ යෝජනාව පිළිගන්නැයි මහින්දට බලපෑම් !

ජනපතිගේ යෝජනාව පිළිගන්නැයි මහින්දට බලපෑම් !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මූලික කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද යෝජනාව පිලිගන්නා ලෙස ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද යෝජනාව ඒකාබද්ද විපක්‍ෂය පිලිගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය ද වාර්තා කර තිබේ.

ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත ජාතික පක්‍ෂ ඇමතිවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කරන්නේ නම් ජනාධිපතිවරයාගේ යෝජනාවට එකග වන බවයි.

ඉන් අනතුරුව පිහිටුවන නව ආණ්ඩුවේ භාරකාර ඇමති ධුරයන් ලබා ගැනීමටද සූදානම් බවද ඔහු සදහන් කරයි.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ නව ආණ්ඩුවේ අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දිය යුතු බවයි.

කෙසේවුවද රත්නපුර ප්‍රදේශයේ ඊයේ (27) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඊයේ කියා සිටියේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමග සිටින්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බවයි.

වීඩියෝ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න