බුද්ධි අංශ අනතුරු හැඟවීමේ ලිපිය අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට ලැබී නෑ - අගමැති රනිල්

බුද්ධි අංශ අනතුරු හැඟවීමේ ලිපිය අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට ලැබී නෑ - අගමැති රනිල්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර එවැන්නක් පිළිබඳ අනතුරු හඟවමින් 2019 අප්‍රේල් 09 වනදා නිකුත් කෙරුණු බුද්ධි තොරතුරු සඳහන් ලිපිය තමන්ට හෝ අගමැති ආරක්ෂක අංශයට ලැබී නොතිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඊයේ (06) සාක්ෂි ලබාදෙමිනි.

අදාල ලිපිය පොලිස්පතිවරයා මඟින් අගමැති ආරක්ෂක අංශය වෙත ලැබිය යුතුව තිබුණත් එය සිදුවී නොතිබුණු බව පොලිස්පති පූජිත් ජයසුන්දර පසුව පිළිගත් බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

අප්‍රේල් 20 සහ 21 දෙදින තුළ ලැබී තිබුණු අනතුරු හැඟවීම් ද තමන්ට හෝ තම ආරක්ෂක අංශයට නොලැබුණු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එවැන්නක් ලැබිණි නම් තමන් ඒ පිළිබඳව පොලිසියෙන් විමසා බලන බව ද ප්‍රකාශ කළේය.

එසේම ප්‍රහාරය පිළිබඳව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ පියා දැනසිටි බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ තමන් ඒ ගැන හරීන්ගෙන් විමසූ විට එය පොලිසියෙන් තම පියාට ලැබුණු තොරතුරක් නොවන බව පැවසූ බවත් ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් හරීන්ගෙන්ම ප්‍රශ්න කළ යුතු බවත්ය.

මෙවැනි අතිශය වැදගත් බුද්ධි තොරතුරක් තමන්ට හෝ දැනුම් නොදීම යනු එම යාන්ත්‍රණයේ බරපතළ අඩුපාඩුකමක් බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඔවුන් එය අප්‍රේල් 09 වනදා සාකච්ඡා කිරීමෙන් පසු බොහෝ අය සිංහල - දෙමළ අලුත් අවුරුද්දෙන් අනතුරුවත් කොළඹින් බැහැරව සිටි බවත් එහෙත් තමන් අවුරුද්දෙන් පසුව යළි කොළඹ පැමිණි බවත් පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න