ඉන්දීය හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් අභවප්‍රාප්ත වෙයි

ඉන්දීය හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් අභවප්‍රාප්ත වෙයි

ඉන්දීය හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ (06) රාත්‍රියේ අභවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 67වන වියේ පසුවිය.

ඊයේ රාත්‍රීයේ හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව සුෂ්මා ස්වරාජ් මහත්මිය මියගොස් ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

ඉන්දියාවේ කෘතහස්ත දේශපාලනඥවරියක් මෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියකද වන සුෂ්මා ස්වරාජ් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක්.

1977 වර්ෂයේ දේශපාලනයට පිවිසි ස්වරාජ් මහත්මිය ඉන්දීය රජයන්වල තනතුරු රැසක්ම හොබවා තිබේ.

හර්යානා ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලාබාලම කැබිනට් අමාත්‍යවරියද වූ සුෂ්මා ස්වරාජ්, දිල්ලියේ 5වන මහඇමතිවරිය ලෙසත් කටයුතු කළේය.

2014 වර්ෂයේ සිට මේ වසරේ මැයි මස දක්වා ඉන්දීය විදේශ ඇමතිනිය ලෙසයි සුෂ්මා ස්වරාජ් මහත්මිය කටයුතු කළේය.

ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

ස්වරාජ් මහත්මියගේ අභාවයත් සමඟ ඉන්දීය දේශපාලනයේ කීර්තිමත් පරිච්ඡේදයක් අවසන් වන බව එම සටහනේ දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න