සිරිසේන - මහින්ද රහස් එකඟත්වයක !

සිරිසේන - මහින්ද රහස් එකඟත්වයක !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහිකරන නව සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බොහෝ දුරට ගෝඨාභය රාජපක්ෂ වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසයි.

ශ්‍රීලනිපයේත් එකඟතාව ගෝඨාභය රාජපක්ෂට හිමිවනු ඇත්දැයි මාධ්‍ය කළ විමසීමකදී එස්බී මන්ත්‍රීවරයා පැවසුවේ කවර තත්වයක් යටතේ වුවත් ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන්නේ එකම අපේක්ෂකයකු පමණක් බවයි.

ඒ අනුව, ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එකිනෙකා හමුවී සාකච්ඡා කර ඇති බැවින් අගෝස්තු 11 වනදාට නිසැක වශයෙන්ම අපේක්ෂයා එළිදක්වනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසා සිටියි.

සිරිසේන - මහින්ද එකඟතා රහසක් - දයාසිරි

මේ අතර ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර පෙරේදා (05) රාත්‍රියේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවේ එකඟතා පිළිබඳව තමන් දන්නා නමුත් ජනාධිපතිවරයාගේ අවසරයකින් තොරව කිසිවක් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඊයේ (06) ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එවන් සාකච්ඡාවක් පැවති බව පමණක් තමන්ට මේ මොහොතේ ප්‍රකාශ කළ හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එසේම, මේ දින කිහිපයේදීම ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා සාකච්ඡා පවත්වනු ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඒ අනුව ඔවුන් ගන්නා තීරණ ඉදිරියේදී ප්‍රකාශයට පත්වනු ඇති බවත් පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මෙන්ම ශ්‍රීලනිපයේ සහ පොහොට්ටුවේ ඉදිරි දේශපාලන ක්‍රියකාරීත්වය පිළිබඳව ද ඔවුන් දෙදෙනා සාකච්ඡාව මත තීන්දු ගැනෙනු ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න