මහින්දගෙන් වාර්තාවක් : පොහොට්ටු නායක - ශ්‍රිලනිප සාමාජික !

මහින්දගෙන් වාර්තාවක් : පොහොට්ටු නායක - ශ්‍රිලනිප සාමාජික !

අද (11) පැවති පොහොට්ටු පක්ෂයේ නායකත්වය ලබා ගැනීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එක පක්ෂයක නායකත්වය දැරීම අතර තවත් පක්ෂයක සාමාජිකත්වය දරමින් වාර්තා පොතට ඇතුළත් වන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඒ මේ වන විට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දරන්නේ ශ්‍රිලනිප සාමාජිකයකු ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස ලිපියක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින්‍ වන නිසාය.

මීට පෙර මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා 2017 නොවැම්බර් මාසයේ පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් නමුත් 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසුව විපක්ෂ නායකයා වීම සදහා මෙම ලිපිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබිණ.

ඊට පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දරුණු ලැබුවේ ටී.එන්.ඒ නායක ආර්. සම්බන්ධන් ය.

කෙසේ වුවත් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙන්ම දේශපාලන විකෘතිය බිහිවූයේ ජනාධිපති සිරිසේනගේ අදූරදර්ශි පාලනය නිසා බවත් ඔහු තරම් නින්දිත ආකාරයට මේ කටයුතු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය ඉසිලූ සමයේ පවා සිදුනොවූ බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

එසේම සිරිසේන ජනාධිපති මේ දේශපාලන විකෘතියට වගකිවයුතු අතර ඔහු මේ වන විට යනෙන මං නොමැති තත්ත්වයට පත්වීම අනාගත නායකයන්ටද කදිම පූර්වාදර්ශයක් බවත් දේශපාලන විචාරකයන් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න