ඉටිකොළ පෝස්ටර් නෑ කියාගෙන : ගෝඨා පටන්ගත්තේම බොරුවෙන් !

ඉටිකොළ පෝස්ටර් නෑ කියාගෙන : ගෝඨා පටන්ගත්තේම බොරුවෙන් !

සිය මැතිවරණ ව්‍යාපාරය තුල හැම විටම පරිසර ආරක්ෂණයට මුල් තැන දීමට කටයුතු කරන බවටත්, පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සම්පූර්ණයෙන්ම තොරවූ මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලූම පක්ෂවලටත් ආදර්ශයක් සපයන බවටත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඊයේ (11) දුන් පළමු පොරොන්දුව මේවනවිට කඩකරමින් කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබීම සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඉරිදා (අගෝස්තු 11) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයෙදී ජනාධිපති අපේක්ෂකත්වය අත්පත් කර ගත් ගෝඨාභය රාජපක්ෂ අනතුරු සමුළුව අමතා කළ ප්‍රකාශය අවසාන දී මෙසේ කියා සිටියේය.

'''මේ සුවිශේෂී දවසේ මම ඔබෙන් විශේෂ ඉල්ලීමකුත් කරන්නට කැමතියි. අද සිට අපි ආරම්භ කරන්නේ ලංකා ඉතිහාසයේ තවත් ආකාරයක නිදහස් අරගලයක්. ඒ ගෞරවාන්විත අරමුණ වෙනුවෙන් කරනා මැතිවරණ ව්‍යාපාරයද අපි ඉතාමත්ම ගෞරවාන්විත ආකාරයට කලයුතුයි. මේ මැතිවරණ ව්‍යාපාරයෙන්ද විද්‍යාමාන විය යුත්තේ රජයක් පිහිටවූ පසු අපි ක්‍රියා කරනා ආකාරයමයි.

ඒ නිසා අපේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයම විනය ගරුක, නීතිගරුක සදාචාරාත්මක මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යමු.

මේ මැතිවරණ ව්‍යාපාරය තුල හැම විටම පරිසර ආරක්ෂණයට මුල් තැන දෙමු. පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සම්පූර්ණයෙන්ම තොරවූ මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලූම පක්ෂවලටත් ආදර්ශයක් සපයමු.''

උතුමානන්ගේ ඡන්ද ව්‍යාපාරයේ පළමු 24 පැය :

ගෝඨාභය රාජපක්ෂ එසේ ප්‍රකාශකර පැය කිහිපයක් යාමට පෙර ඔහුගේ අනුගාමිකයින් ඊයේ රාත්‍රීයේ ඔහුගේ පෝස්ටර් අලවමින් සිටින ආකාරය දැක්වෙන ජයාරූප මාධ්‍යවල පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල මෙසේ අදහස් හුවමාරු වෙමින් තිබේ.

gota poster

ජනතා මනාපය කෙසේ වෙතත් වරිග සභාවේ අනුමැතිය ලද පමණින් රාජපක්ෂලාගේ ජම්ම ගතිය නැවත මතුවී ඇත. ඉඳින් මෙතැන් සිට තාප්ප, බස්හෝල්ට්, බෝක්කු, ලයිට් කණු සියල්ල කටවුට් ජනාධිපතිවරුන්ගෙන් බේරා ගැනීම උගහට වනු ඇත. ඔටුන්න හිමි නාමල් කුමාරයත් රජ වන්නට නියමිත ගොඨා(භය) තුමාත් පුන පුනා කියන්නේ නම් පරිසරය රකින ඡන්ද ව්‍යාපාරයක් පිළිබඳවය. මේ එ උතුමාන්ගේ ඡන්ද ව්‍යාපාරයේ පළමු පැය 24ය.

Iraj Weeraratne එන්න මල් පිපී ඇත්දැයි බලන්න... 

thilan

Iraj Weeraratne එන්න අපි ලංකාව වටේ Trend එකක් හදමු! ? තෑන්ක්ස් බොරෝ!

leshan

පන්නරය පෝස්ටරයට විරුද්ද වුණු මහා පරිසරහිතකාමීන් #ගෝඨාගමනය පෝස්ටරෙට විරුද්ද වෙන්නේ නැද්ද ?

? හැමෝගෙන්ම අහන්නේ...

darshana

ප්‍රතිවාදීන්ට තාර්කිකව උත්තර දෙන හැටි !

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය කතාව නිමා කරමින් ප්‍රතිවාදීන්ගේ ප්‍රකාශවලට තාර්කිකව සත්‍යයෙන් පිළිතුරු දෙන ලෙස සිය අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියද එම ප්‍රකාශය කර පැය කිහිපයක් ගතවීමට පෙර ඔහුගේ ගොලබාලයින් ප්‍රතිචාර දැක්වූ ආකාරය මාධ්‍යවේදී රුවන් නෙලූ සිය FB පිටුවේ සටහන් කර තිබුනේ මෙසේය.

''දේශපාලන ප්‍රතිවාදීන්ට හිංසා කරන, පෞද්ගලික අපවාද කරන, බොරු කියා ජනතාව රවටන මැතිවරණ සංස්කෘතිය අපි වෙනස් කරමු. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ ප්‍රතිවාදීන්ගේ දුර්මතවලට තාර්කිකව සත්‍යයෙන් පිළිතුරු දෙන ලෙසයි. අද මේ රටේ ඡුන්දදායකයා දේශපාලනිකව ඉතා සංවේදීයි. විශේෂයෙන්ම අද රටේ තරුණ පරපුර ඉතා බුද්ධිමත්. අවංක, සත්‍යවාදී දේශපාලන සංස්කෘතියක් අපි ඔවුන්ට හඳුන්වා දිය යුතුයි.''

''ගෝඨා කාටවත් බනින්නෙ මඩ ගහන්නෙ නෑ ෆ්‍රෙන්ස් .. ඒකට වෙනම සෙට් එකක් දාලා ඉන්නෙ.

විමල්ගේ සී නිව්ස් එක මෙහෙම එක ළඟ නිව්ස් දෙක ගහපුවාම ගොඩාක් දේවල් ඒකෙන් කියවෙනවා. විශේෂයෙන්ම ගෝඨාව ඉල්ලන අයගෙ ටේස්ට් එක ගැන''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න