මෙවර ජනාධිපතිවරණයේදී 2-3 මනාප තීරණාත්මකයි : පැෆ්රල් කියයි !

මෙවර ජනාධිපතිවරණයේදී 2-3 මනාප තීරණාත්මකයි : පැෆ්රල් කියයි !

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂකයෙකුට 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම අවිනිශ්චිත තත්ත්වයක් බවට පත්ව තිබෙන නිසා දෙවැනි හා තුන්වැනි මනාපය ඉතාමත් වැදගත් සාධකයක් වන බව පැෆරල් සංවිධානය පවසයි.

මෙතෙක් කළක් දෙවැනි තුන්වැනි මනාපය ලකුණ කිරීම පිළිබඳ විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය නොවූ බවත්, එහෙත් මෙවර එම කටයුත්ත ජාතික වශයෙන් සිදුකළ යුතු බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

දෙවැනි හා තුන්වැනි මනාපය ලකුණු කිරීම නිවැරදි ලෙස සිදුනොකළ හොත් ඡන්දය අවලංගු වී යන බවත්, මේ නිසා වගකිවයුතු ආයතන දෙවැනි හා තුන්වැනි මනාපය ලකුණ කරන ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවත් ඔහු පවසා ඇත.

එසේම තම සංවිධානයත්, දෙවැනි හා තුන්වැනි මනාපය ලකුණු කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ඉදිරියේදී අඛණ්ඩව වැඩපිළිවෙළක් දියත් කරන බවද රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න