මංගල සටන අතට ගනියි : සජිත් ගෙනෙන රැළිය 23 වනදා මාතර !

මංගල සටන අතට ගනියි : සජිත් ගෙනෙන රැළිය 23 වනදා මාතර !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත මහජන රැළියක් අගෝස්තු 23දා මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට මේවනවිට කටයුතු යොදා ඇත.

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මුලිකත්වයෙන් යුතුව මාතර එජාප බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම රැලියට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගිවීමට නියමිතය.

මෙම රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ ජනරැලිය සැප්තැම්බර් මුල් සතියේදී කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එජාප අපේක්ෂකයා ගැන කබීර්ගෙන් ඉඟියක්!

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ යුතු බව එම පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් රැසක් අද මාධ්‍ය හමු පවත්වමින් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් පාලන නියෝජිතයින් අද සම්මත කළේය.

‍මෙවන් පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත්කරගෙන ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එලෙස ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කිසිවිටෙකත් අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබූවෙකු නොවනු ඇති බව ද එම නිවේදනයේ සදහන්ය.

එම අපේක්ෂකයා අනාගත පරපුර නව ලෝකයට ගෙන යා හැකි, දුප්පතාගේ දුක හඳුනන, උගත් පුද්ගලයෙකු වන බවත් රටේ නීතියට ගරු කරන - එය නොබිදින පුද්ගලයෙකු වනු ඇති බවත් එහි දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න