කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලිමක්

කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලිමක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාති පරික්ෂණයක් පවත්වා නොමැති බවත්, දැන්වත් එවැනි පරික්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නැයි රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මේ වනවිට කමිටු කිහිපයක් පත්කර උත්සාහ කරන්නේ ආරක්‍ෂක අංශයෙන් සිදුවූ බරපතළ හිඩැස් වලට වගකිවයුත්තන් කවුරුන්දැයි විමසා බැලීමට වුවත්, තමන්ගේ ඉල්ලීම වන්නේ පරීක්‍ෂණ අවසාන ඉලක්කය විය යුත්තේ වරදකරුවන්, අනුග‍්‍රහය දැක්වූවන් සහ එයට අනුබල දුන්නේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අවාසනාවකට මෙන් එම කිසිදු ධනාත්මක සලකුණක් මෙතෙක් දක්නට නොමැති බව ද එහි සඳහන් වේ.

ජනතාව මෙම පරික්ෂණ ප‍්‍රතිඵල දැක බලාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත් ත‍්‍රිපුද්ගල ජනාධිපති කොමිසමේ වාර්තාව මෙතෙක් එළිදක්වා නැතැයි ද එහි සඳහන් වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න