ශ්‍රිලනිප සමුළුව බකල් වෙලා !

ශ්‍රිලනිප සමුළුව බකල් වෙලා !

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පැවැත්ම බරපතල ගැටලුවක් හේතුවෙන් අර්බුදයට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ මේ වන විට පක්ෂය නියෝජනය කරන දිස්ත්‍රික් නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , ආසන සංවිධායකවරුන් , පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් තවමත් ශ්‍රිලනිප ය නියෝජනය කරනවාද නැතිනම් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙනද යන්න තෝරාබේරා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසාය.

ඒ අනූව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීමට ජනාධිපති සිරිසේන දන්වා ඇති නමුත් ඒ කටයුත්තටද මේ වන විටත් නිසි ක්‍රියාමාර්ගයක් සකස්කර ගැනීම දුෂ්කරවී ඇති බවත් ඊට හේතුව පක්ෂ මූලස්ථානය සිදුකරන දැනුම්දීම් අනුව පක්ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීම බවත් දැනගන්නට තිබේ.

මේ වන විට පක්ෂයේ නමින් විවිධ පාර්ශව විවිධ දැනුම්දීම් සිදුකරන අතර ඒ හේතුවෙන් සැබැවින්ම පක්ෂයේ මතය සහ තීන්දුව කුමක්ද යන්න සම්බන්ධව පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් නොදන්නා බව එම පාර්ශවයන්ගේ දැනුම්දීම වී ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ශ්‍රිලනිප පක්ෂ ක්‍රියාකාරීන් කිහිපදෙනකුම සඳහන් කර සිටියේ පක්ෂය අයාලේ ගොස් ඇති බවත් ජනාධිපති සිරිසේනගේ දුර්වල නායකත්වය ඊට මූලිකවම බලපා ඇති බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න