ශ්‍රිලනිපය අයාලේ : සුසිල් දෙනවා කියයි - අමරේ නෑ කියයි !

ශ්‍රිලනිපය අයාලේ : සුසිල් දෙනවා කියයි - අමරේ නෑ කියයි !

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියළුම දෙනා පාහේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද ඔහු පැවසීය.

මේ හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිහිප දෙනෙකු පමණක් සමග බෝඩ් ලෑල්ලකට සීමා වනු ඇති බව ද ඔහු පැවසීය.

ගෝඨාට සහය දෙන කතාවක් නෑ - අමරවීර

කෙසේ වුවත් ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් කර තිබෙන බවට යම් යම් පිරිස් සිදුකරන ප්‍රකාශ අසත්‍ය වන බවය.

එවැනි තීරණයක් තවම ගෙන නොමැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ගෝඨාභය රාජපක්ෂ අතර සාකච්ඡා පැවැත්වෙන බවත් සිදුකරන සාකච්ඡා මත ඔහුට සහාය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න