ඊළාම් රාජ්‍යයක් ගැන කතාකරපු වර්ධරාජා පෙරුමාල්ලාගේ සහාය ගන්න තරම් රාජපක්‍ෂලා අන්ත බංකොලොත් භාවයකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කල අතර රාජපක්ෂ කඳවුරේ මෙන් නොව තමන් සමඟ සිටින්නේ දේශපාලනය පිළිබඳ හොඳ කියවීමක් තිබෙන, දර්ශනයක් සහිත, දැක්මක් සහිත ජනතාවක් නියෝජනය කරන පිරිසක් බවත් ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ කතාබහ ඇතිවෙලා තිබෙනවා. මේ වනවිටත් මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමෙන් ගෝඨාභය රාජපක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී තිබෙනවා. අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරිව එජාපය අර්බුදයක ඉන්නවා. රනිල්ද, සජිත්ද, කරුද කියලා තීරණයක් ගන්න බැරුව ඉන්නවා. ඒ අතර දැන් සමාජයෙන් මතුවෙන යෝජනාවක්ද තිබෙනවා. 2015දී මහින්ද රාජපක්‍ෂ කඳවුර පරාජය කළ බලවේග අතර කතාබහක් තිබෙනවා, ගෝඨාභය රාජපක්‍ෂ පැමිණීමත් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරකට පත්වෙන නිසාත් ඒකාධිපතිත්වයකට රට ගමන් කළ හැකි නිසාත් එයට එරෙහිව එක පෙරමුණක් ලෙස පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා.
අපිත් හිතනවා මහින්ද රාජපක්‍ෂ කඳවුරේ දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි කියලා. එසේ කළ යුත්තේ ගෝඨාභය නිසා නොව මහින්ද රාජපක්‍ෂ කඳවුර නියෝජනය කරන දුෂ්ට දේශපාලන සංස්කෘතිය නිසයි. රාජපක්‍ෂ දේශපාලන කඳවුර නියෝජනය කරනු ලබන්නේ නීතිය නොසලකන පිරිසක්. දූෂිතයින් පිරිසක්. දේශපාලනය පාදඩකරණය කළ පිරිසක්. රටේ කුමන හෝ අපරාධයකට සම්බන්ධ පිරිසක්. එනිසා එම දේශපාලන සංස්කෘතියම පරාජයට පත්කළ යුතුයි. එනිසාම 2015දී එම කඳවුරට එරෙහිව ඡන්ද ලක්‍ෂ 62ක් ලබාදුන්නා. එම ඡන්දවලින් බලයට පැමිණි වර්තමාන පාලනය එම දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළේ නැහැ. එම දේශපාලන සංස්කෘතියම පවත්වාගෙන ගියා.
රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාපයත් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාත් පැවති දේශපාලන සංස්කෘතිය යහපත් තත්වයට ගෙන ඒමට අසමත් වුණා. එය නැවත නැවත සිදුවිය යුතු නැහැ. රාජපක්‍ෂ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ හැක්කේ ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණයි. රාජපක්‍ෂ දේශපාලනයට එරෙහිව තිබෙන එකම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයත් එයින් ඉදිරිපත් වන අපේක්‍ෂකයා ප‍්‍රමුඛ කඳවුරත් පමණයි. ඒ වෙනුවට වෙනත් පුද්ගලයින් යෝජනා කිරීම හෝ නැවත 2015ට යෑම මේ මොහොතේ යථාර්ථය නෙමෙයි.
ඒ වගේම දේශපාලනයෙන් තොර අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි සංවාදයක් තිබෙනවා. අපේ රටේ විවිධ පුද්ගලයින්ට පීඩාකාරී අත්දැකීම් තිබුණු පමණින් උපාධියක් තිබුණු පමණින් රටක් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. එවැනි පුද්ගලයින් වටා පරිණත දේශපාලන කණ්ඩායම් නැත්නම් ඔවුන්ට ප‍්‍රතිපත්තියක් නැත්නම් ගම් මට්ටමට දිවෙන පරිපාලන ව්‍යුහයක් නැත්නම් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද? එය කළ හැක්කේ මහජන ව්‍යාපාරයකට පමණයි. දේශපාලන පක්‍ෂ අදාළ නැහැ කියන කතාව ශී‍්‍රලනිපයට, එජාපයට, පොදුජන පෙරමුණට අදාළ වෙන්න පුළුවන්. නමුත් අපට අදාළ නැහැ. රටට අලූත් ආදර්ශයන් පෙන්වපු, සංවිධාන විනයක් සහිත ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් හා එක්වුණු ජනතා මධ්‍යස්ථානයක් දැන් ගොඩනගා තිබෙනවා. එම මධ්‍යස්ථානය වටා එක්වීම හැර ජනතාවට වෙන විකල්පයක් නැහැ. එම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා 18වැනිදා අපි රටට හඳුන්වා දෙනවා.
මහින්ද රාජපක්‍ෂලා පෙරමුණක් හදාගත්තා කියනවා. රනිල් වික‍්‍රමසිංහලාට පෙරමුණ හදගන්න බැරිව අසාර්ථක වෙලා තිබෙනවා. අපි නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. සුපුරුදු පරිදි රාජපක්‍ෂ කඳවුර තමන්ට එරෙහිව හිටපු විවිධ පිරිස් තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිබෙනවා. ඊට පෙර ජනාධිපතිවරණවලදී රාජපක්‍ෂලාට එරෙහිව හිටපු සරත් මනමේන්ද්‍ර පවා තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිබෙනවා.
ඒ වගේම අපේ ජනතා මධ්‍යස්ථානයට අටවා ගන්නා සංවිධාන නැහැ. එහි මංගල රැලිය තමයි 18වැනිදා ගෝල්ෆේ්්ස් පිටියේදී පවත්වන්නේ. එය අපේ රටේ දේශපාලනයේ අලූත් හැරවුම් ලක්‍ෂයක් වෙනවා. අපේ රටට අලූත් ගමනක් නිර්මාණය කරන දිනයක් වෙනවා. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා රට රකින, රට හදන බලවේගය සමඟ අත්වැල් බැඳගන්න කියලා. ප‍්‍රගතිශීලී කතා කියමින් ජනතාව මුලා කරන ප‍්‍රකාශවලට ගොදුරු වෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්,
මේ වනවිටත් විද්වතුන්, වෘත්තිකයින් පිරිසක් විසින් විශාල සාකච්ඡාවකින් පසුව ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒවා අපිට පිළිගන්න පුළුවන් ප‍්‍රතිපත්ති මාලාවක්. ඒ වගේම කාලයක් තිස්සේ සාකච්ඡුා වට ගණනාවකින් පස්සේ අපි ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙනවා. එයට වමේ පක්‍ෂ, බහුජන සංවිධාන, ගොවි සංවිධාන, ධීවර සංවිධාන, වෘත්තීය සමිති, කලාකරුවන් ඇතුළු ප‍්‍රගතිශීලී බලවේග නියෝජනය කරනවා. අපේ රටේ සියලූ දෙනා බලාපොරොත්තු වෙන, සියලූ ගුණාංගයන් සහිත අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි. මේ වන විටත් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්‍ෂ සියලූම ආගමික නායකයින් ඉදිරිපත් කරපු නිර්දේශ කඩලා තිබෙන්නේ. දැනටමත් ඔහුට විශාල නඩු ප‍්‍රමාණයක් තිබෙනවා. කුමන හෝ ආගමකට ගරු කරන ජනතාවකට ඔහුට ඡන්දය දෙන්න බැහැ. කුමන හෝ ආගමකට ගරු කරන ආගමික නායකයන්ට ඔහුට ආශිර්වාද කරන්න, පිරිත් නූල් බඳින්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ නුසුදුසුකම් ඔප්පු කරපු පුද්ගලයෙක්.
අපේ රටේ ඇතැම් පිරිස්වලට සක්විති රජ මානසික්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. අපේ රටේ සමහරු තවමත් වැඩවසම් ක‍්‍රමයකට කැමතියි. රජවරුන්ට වන්දනා මාන කරපු, යටත් වැසියන් සේ හැසිරෙන්න සමහරු කැමැතියි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තොරොම්බල් කරන අයම එවැනි තත්වයකට පත්වීම කණගාටුදායකයි. තමන්ට ඒකාධිපතියෙක් අවශ්‍ය යැයි ඔවුන් අපේක්‍ෂා කරනවා. මේ අදහස් නූතන, ශිෂ්ටසම්පන්න සමාජයකට ගැලපෙන්නේ නැහැ. අපි එවැනි වැඩවසම් ලක්‍ෂණ ප‍්‍රතික්‍ෂේප කරන, නූතන පරපුර නියෝජනය කරන බලවේගයක්.
ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා දේශපාලන පරිණතභාවයක් තිබෙන, අනෙක් කඳවුරෙනේ ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට තරගයක් දිය හැකි සියලූ සුදුසුකම් සම්පූර්ණ කරපු අපේක්‍ෂකයෙක්. ජනතාවට කැත නැතුව බය නැතුව තමන්ගේ ඡන්දය ලබාදෙන්න පුළුවන්, ඡන්දය ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව පසුතැවීමක් ඇති නොවෙන ජනතාවගෙන් ලබාගත් ඡන්දයට වගකියන අපේක්‍ෂකයෙක් ජාතික ජන බලවේගයෙන් 18වැනිදා හඳුන්වා දෙනවා.

