ආන්දෝලනාත්මක අපරාධ 5ක : විමර්ශන වාර්තා නීතිපතිට !

ආන්දෝලනාත්මක අපරාධ 5ක : විමර්ශන වාර්තා නීතිපතිට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇත.

නීතිපති දප්පුලද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ප්‍රධාන විමර්ශන 5ක උදෘත ඉල්ලා සිටි අතර එම විමර්ශනවලට අමතරව මාධ්‍යවේදි ප්‍රදීප් එක්නැලිගොඩ පහරගෙන යෑම පිළිබඳව මෙසේ වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබේ.

එම විමර්ශනවලට අදාළව කරුණු 11කින් යුත් වාර්තාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

මෙම තොරතුරු ලබන 23 දාට පෙර අවශ්‍ය බවත් වැඩබලන පොලිස්පතිවරයා දන්වා තිබේ.

නීතිපතිවරයා විමර්ශන උධෘත ඉල්ලා සිටි විමර්ශන පහ

ලසන්ත වික්‍රමතුංග ඝාතනය

වසීම් තාජුඩීන් ඝාතනය

කීත් නොයාර් පැහැරගෙන යෑම

සහන සේවයේ යෙදුණු 17ක් ඝාතනය කිරිම

තරුණයින් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම

මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

image ca8a0533b8

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න