ඇමරිකානු හමුදාවට ලංකාවට එන්න : පළමු ගිවිසුම ගෝඨාගේ - විමල්

ඇමරිකානු හමුදාවට ලංකාවට එන්න : පළමු ගිවිසුම ගෝඨාගේ - විමල්

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේදී ඇමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා ගිවිසුමේ හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවට පැමිණිය හැකිය යනුවෙන් වාක්‍යයක් සඳහන්ව තිබූ නමුත් එය ක්‍රියාත්මක වීමට තවත් ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවැසීය.

පසුගියදා ගම්පහ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවැසීය.

“ඇක්සා ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවන්ට හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ හදලා දීලා ඉවරයි. මේ ඇක්සා ගිවිසුම පළමුව අත්සන් තැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ආණ්ඩුවේ පිරිස් හා ජවිපෙ රතු අලි පැටව් චෝදනා කරනවා.

ඇමෙරිකාව තම කුලී සේනාංකය වූ කොටි ත‍්‍රස්තවාදීන්ට උදව් කළා. ඔවුන්ට එරෙහිව යුද නායකත්වය දුන් රාජපක්ෂ පාලනයට විවිධ තහංචි දැම්මා. ඊශ‍්‍රායලය අපේ ප‍්‍රහාරක ගුවන් යානා අලුත්වැඩියා කිරීම පවා නතර කළා ඇමෙරිකානු බලපෑම් සමග.

ඒ අවස්ථාවේ තමයි ඇමරිකාව මේ ඇක්සා ගිවිසුම ගෙනාවේ. අවුරුදු 10කට වලංගු වන පරිදි පමණයි එදා ඒ ඇක්සා ගිවිසුමට අත්සන් තැබුවේ. එහිත් තිබුණා ‘හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවලට පැමිණිය හැක’ කියා.

නමුත් වැදගත්ම දේ තමයි එදා ඇක්සා ගිවිසුමේ තිබූ අවසන් වාක්‍යය. ඒ තමයි ‘මේ ගිවිසුම බලාත්මක වීම සඳහා තවත් ගිවිසුමක් අත්සන් තැබිය යුතුයි’ යන්න. ඒ කියන්නේ 2007 දී අත්සන් තැබූ ඇක්සා ගිවිසුම ඇමෙරිකාවට ක‍්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.

2017 දී එහි කාලය අවසන් වූවාට පසු මේ ආණ්ඩුව කිසිදු යුද අවදානමක් නැති කාලයකදී අත්සන් කළ නව ඇක්සා ගිවිසුමෙන් මේ වැදගත්ම වාක්‍යය අතුරුදහන් කර තිබෙනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න