යුද හමුදාපති ධූරය හිස් !

යුද හමුදාපති ධූරය හිස් !

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය අවසන් වී ඇති නමුත් නව හමුදාපති වරයෙකු මෙතෙක් නම් කර නොමැති බව වාර්තා වෙයි.

එබැවින් මේ වන විට එම ධූරය හිස්ව පවතී.

2017 වසරේ ජූලි මස 04 වැනිදා මහේෂ් සේනානායක හමුදාපති ධුරයට පත් කෙරුණා අතර ඒ, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22වන යුද්ධ හමුදාපතිවරයා ලෙසයි.

මීට පෙර ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදී තිබු අතර එම කාලය ඊයේ (18) දිනයෙන් අවසන් විය.

මේ සම්බන්ධව අදහස් විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ද ඒ බව පිළිගෙන ඇත.

එහිදී ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ මේ දක්වා යුද්ධ හමුදාපති ධූරය සඳහා කිසිඳු පත් කිරීමක් සිදු කර නොමැති බවයි.

ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින නිලධාරීන් අතරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේ මෙන්ම මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ඉදිරියෙන් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න