රුවන් රාජ්‍ය මාධ්‍ය ඇමැතිධුරයෙන් ඉවත් ‌වීමට යයි !

රුවන් රාජ්‍ය මාධ්‍ය ඇමැතිධුරයෙන් ඉවත් ‌වීමට යයි !

තමා යටතේ තිබු ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළකරමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය ‌කොට ඇතැයි 'මව්රට' වෙබ් අඩවිය වාර්තා කරයි.

අමාත්‍යවරයා එම තීරණය අගමැතිවරයාටද දැනුම් දී ඇති බව එම වෙබ් පුවතේ සඳහන් වේ.

'ලංකාදීප' පුවත්පත ප්‍රකාශයට පත් කරන විජය පුවත්පත් සමාගමේ කොටස්කරුවකු වන රුවන් විජේවර්ධන, ජනමාධ්‍ය ඇමති ධුරයක් දැරීම සදාචාරයට පටහැනි බව මාධ්‍ය සංවිධාන කිහිපයක් ඔහු එම තනතුර බාර ගත් අවස්ථවේදී චෝදනා කර සිටියේ, එය ළබැඳියාවන් අතර ගැටුමක් (conflict of interest) බව පවසමිනි.

එසේ තමා කොටස්කරුවකු වන විජය පුවත්පත් ආයතනයේ පුවත්පත් වලින් දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කරද්දී නිහඬව සිටින රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන, තමා යටතේ පවතින සැලසිනේ ආයතනය රජයට එරෙහිව එනම්, 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' යාපනය ප්‍රදර්ශනය අවලංගු කිරීමට අධිකරණයට ගියද ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට එරෙහිව කිසිඳු පියවරක් නොගැනීම ද විශේෂ කාරණයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න