එජාප මංගල රැලිය : ඔක්තෝබර් 10 !

එජාප මංගල රැලිය : ඔක්තෝබර් 10 !
 එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ පළමු ජනරැළිය ලබන 10 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියෙන් අරඹන බව එක්සත් ජාතික පක්ෂ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  පැවසීය.
එජාප මහ ලේකම්වරයා මේ බව සදහන් කර සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
 
එක්සත් ජාතික පක්ෂයේ රටපුරා සිටින සියලු සංවිධායකවරුන් ලබන 30 වැනි දා සිට කොළඹට කැඳවන බව කී මහලේකම්වරයා ඔක්තෝබර් 3 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පක්ෂයේ මහ සම්මේලනය පවත්වන බවද කීවේය.
 
 මීට පෙර ඔක්තෝබර් 09 වනදා මෙම රැලිය පැවැත්වීමට නියමිතව තිබුණත් නොවැලැක්විය හැකි හේතුවක් මත එය ඔක්තෝබර් 10 කිරීමට තීරණය වූ බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න