දිල්රුක්ෂිගේ පරීක්ෂණයට කොමිසමෙන් නම් 05ක් යවයි !

දිල්රුක්ෂිගේ පරීක්ෂණයට කොමිසමෙන් නම් 05ක් යවයි !

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දැනට වැඩ තහනමට ලක්කර සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සම්බන්ධ විනය පරීක්ෂණය සඳහා නීතිපතිවරයා කැමති විමර්ශන නිලධාරීන් එක් අයෙකු හෝ කීප දෙනෙකු තෝරා ගන්නා ලෙස පස්දෙනෙකුගේ නම් දන්වා යැවූ බව රාජ්‍ය‌ සේවා කොමිසමේ සභාපති ධර්මසේන දිසානායක 'රාවය' පුවත්පත කළ විමසීමකදී පවසා ඇත.

සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග කළ දුරකතන සංවාදයක හඬ පටය සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමග දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එය තමන් සමග සිදුකළ සංවාදයක් බව නීතිපතිවරයා ඉදිරියේ පිළිගෙන තිබුණි. 

ඒ අනුව නීතිපතිවරයා විසින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පිළිබඳ විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කරනු ලදුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයගේ සේවය අත්හිටුවිය.

ඇය පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නීතිපතිවරයා වෙත සිය කොමිසමේ විමර්ශන නිලධාරීන් මඬුල්ලෙන් පස් දෙනෙකුගේ නම් යෝජනා කර යැවීමටත් අවශ්‍ය නිලධාරියා හෝ නිලධාරීන් තෝරා ගැනීමේ වගකීම නීතිපතිවරයාටම පැවරීමටත් ඉකුත් 24 වෙනි දින කොමිසම තීරණය කළ බවත් ඒ පිළිබඳ ලිපිය නීතිපතිවරයාට පසු දිනම (25) අතින්ම භාර දුන් බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න