ඇල්පිටිය ජනතාවට සජිත්ගෙන් විශේෂ ඉල්ලීමක් !

ඇල්පිටිය ජනතාවට සජිත්ගෙන් විශේෂ ඉල්ලීමක් !
ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා තමන් වෙත අවස්ථාව ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස   ඇල්පිටිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන බලමණ්ඩල රැස්වීමට අද (29) එක්වෙමින්ය.
 
එක්සත් ජාතික පක්ෂ බෙන්තර ඇල්පිටිය ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ  ඇල්පිටිය පක්ෂ කාර්යාලයේදී පැවැත්විණ.
 
එහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට රැස්ව සිටි ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර එම අවස්ථාවේ ආබාධිත රණවිරුවන් පිරිසක් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත  සිය ගැටලු ඉදිරිපත් කළේය.
 
එහිදි අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා   පැවසුවේ තමන් ළඟ හොර දේවල් නොමැති බවත් තමන් බොහොම පිරිසිදු පුද්ගලයෙක් බවත්ය.
 
එහිද වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
"බොක්කෙන් කියන්නේ'මට විශ්‍රාම ගියාම අහන්න අවශ්‍ය දේ.ඇල්පිටිය ජනතාවගෙන් ආදරෙන් ඉල්ලනවා. මට මේ අවස්ථාව දෙන්න. එන්න ඕනේ කාලෙත් දන්නවා,යන්න ඕනේ කාලෙත් දන්නවා.
 
තනතුරුවලට එන්න බයත් නැහැ,යන්න ඕනේ කාලේ ආවම මම යනවා.ජනතාව යන්න කියනකම් මම ඉන්නේ නැහැ.
 
ප්‍රතිවාදියාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්ද? ඔළු පලාගෙන ගෙදර යන්න වෙයි.මගේ හැකියාව ගැන මට විශ්වාසයි. ඔබ මාව පත්කළාට පස්සේ, විදෙස් ගමන් යද්දී, සාමාන්‍ය ජනතාවගේ පසුම්බියට රටට එකතුවක් වෙන විදිහටයි කටයුතු කරන්නේ, හැමදෙයින්ම ශක්තිමත් රටක් නිර්මාණය කරනවා."
 
මේ අතර එක්සත් ජාතික පක්ෂ කොළොන්නාව විශේෂ බලමණ්ඩල රැස්වීමක්ද අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න