අවසන් තීන්දුව අරගන්න : සිරිසේන සහ බැසිල් හෙට හමුවෙති !

අවසන් තීන්දුව අරගන්න : සිරිසේන සහ බැසිල් හෙට හමුවෙති !

ජනාධිපති සිරිසේන සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ , ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන ලකුණ වෙනස් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අවසන් ස්ථාවරය දන්වන්නැයි ජනාධිපති  සිරිසේන  විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදුකර ඇති ලිඛිත දැනුම්දීම අනූව මේ සාකච්ඡාව සූදානම් කර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  වෙත අදාල  ලිපිය ජනාධිපති සිරිසේන විසින්  යොමු කර ඇති බවත් දැනගන්නට ඇත.

එම සාකච්ඡාවේදි දෙපාර්ශවයම සන්ධානගත වනවාද? නැද්ද? යන්න ගැන  අවසන් තීන්දුවක්  ගනු ඇති බවත්   හෙට පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර හෙට පැවැත්වෙන සාකච්ඡුාවේදී දෙපාර්ශවය අතර ගිවිසුම් ගතවීමට යෝජිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇති. එමෙන්ම තවමත් විසදී නොමැති ලකුණ සම්බන්ධයෙන්ද හෙට පැවැත්වෙන සාකච්ඡාවේදි අවසන් තීරණයකට එළඹෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. තවත් නොබෝ වේලාවකින් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔවුන් සමග සාකච්ඡුාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න