ගෝඨාගේ වැඩ ශුවර් නෑ : මහින්ද චමල්ට නාමයෝජනා දෙයි !

ගෝඨාගේ වැඩ ශුවර් නෑ : මහින්ද චමල්ට නාමයෝජනා දෙයි !

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කර තිබේ.

වාර්තා වන ආකාරයට  ඔහු තරග කිරීමට ඇප තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි.

එසේම බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් සිය ට්වීටර් ගිනුමේ සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස චමල් රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවය.

ඒ සම්බන්ධව අසාම් අමීන් තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

IMG 20191004 WA0004

 මේ වන විට සාවද්‍ය ලේඛන ඉදිරිපත් කිරීම සහ නීත්‍යානුකූල නොවන ආකාරයට පුරවැසි භාවය ලබාගැනීම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂට එරෙහිව 

ඇතිව තිබෙන තත්ත්වයන් මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට තරග කිරීමට නොහැකි වුවහොත් යන සැකය මත චමල් රාජපක්ෂ  ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.

ඒ අනුව දැනට රාජපක්ෂ පවුල නියෝජනය කරමින් දෙදෙනෙකු ඇප මුදල් තැම්පත්කර ඇත.

වරදකාරී හැඟීමක් මත ගත්ත තීන්දුවක් !

මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව ලැබෙන අධිකරණ තීන්දුව කුමක් වුවත් සිය පාලන භාවිතයේ පැවති නීති විරෝධී බොහෝ කටයුතු හේතුවෙන් සත්‍ය අසත්‍ය සම්බන්ධව අර්බුදයක් රාජපක්ෂ පවුලටම ඇති බවය.

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය පමණක් නොව නාමල් රාජපක්ෂගේ නීති විභාගය , යෝෂිත රාජපක්ෂ නාවුක නිලධාරීයකු වූ ආකාරය ඇතුළු බොහෝ කටයුතු නීති විරෝධී සේම බලය අවභාවිත කිරීම හරහා ගෙන ඇති බවට එල්ලව ඇති චෝදනාත් මෙහිදී දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න