ගෝඨා නිෂ්ක්‍රීය කරන : කාල්ටන් දසයන්ගේ මැදමුලන කොල්ලය !

ගෝඨා නිෂ්ක්‍රීය කරන : කාල්ටන් දසයන්ගේ මැදමුලන කොල්ලය !

මහින්ද  අයියා ජනපති වූ පසු යලි මෙරටට සැපත් වූ ඇමෙරිකන් ගෝටා 2005 වසරේදී යලි ලාංකික පුරවැසි භාවය ලබා ගෙන ඇත්තේ හොර පාරෙන් නොවේ යයි මීට ස්වල්ප වේලාවකට ‌පෙර අභියාචනාධිකරණය තීන්දු ‌ කළේය.  ඒ අනුව ලබන 7 වෙනිදා ආරම්භ වන නාමයෝජනා භාර දීම සඳහා ගෝඨාභය රාජපක්ෂටද ඉදිරිපත් විය හැකිය.

ගෝටාබයට දෙබලක් !

නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව එම නාම යෝජනා පත්‍රය පිළිගැනීමට පෙර ඕනෑම කෙනෙකුට එම නාමයෝජනා පත්‍රය වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කළ හැකිය. ගෝටාබයට එරෙහි විරෝධතාව දැනටමත් සූදානම් කොට අවසානය . එනම් ගෝඨාභය අමෙරිකානු පුරවැසියෙකුය යන  විරෝධතාවය මතු වන්නේය . තමා ද්විත්ව පුරවැසියෙකු නොවන බව ඔප්පු කිරීමට නොහැකි වුවහොත් ගෝඨාට අපේක්ෂකත්වය අහිමි වේ. ගෝඨාභය වෙනුවෙන් පොහොට්‍ටුව ඇප තැන්පත් කර තිබියදි ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් චමල් රාජපක්ෂ ඇප තැන්පත් කළේ එකී තත්වය නිසාය.

ගෝටා නිෂ්ක්‍රීය කිරීම කාගේ සැලසුමක්ද?

රාජපක්ෂ පවුල තුල බල අරගලයක් ඇති බව ප්‍රසිද්ධ රහසකි. කොන්දගල නිවසින් මැදමුලන දසයන් බලය කොල්ල කෑහ. දැන් මේ ගෙවී යන්නේ මැදමුලන නිවසින් කාල්ටන් දසයන් බලය කොල්ල කන හෝරාවය. යම් හෙයකින් ගෝටා දිනුව හොත් මහින්දට ඔහු පාලනය කල නොහැක. ප‍තෝල වැනි චමල් මහින්දට පාලනය කල හැක .එහෙයින් ගෝටා නිෂ්ක්‍රීය කල යුතුව ඇත.  ගෝටා දිනුව හොත් මැදමුලන දේශපාලන බලය සංක්‍රමනය වන්නේ කාල්ටන් නිවසට නොව මිරිහානේ නිවසටය .  මැදමුලන කොල්ලයේදී  බැසිල්ගේ සහාය හිමිව ඇත්තේ කාල්ටන් නිවසටය. චමල්ට ඇප බදින ලෙස දන්වා සිටියේ  මැකෝ විසිනි.  මේ සියල්ල හීන් නූලෙන් කලමනාකරණය කළේ මැකො සමග රෑට රෑට ඩ්‍රින්ක් දාන බැසිල්ය.

කොන්දගලින් මැදමුලනට , මැදමුලනින් කාල්ටන් නිවසට –නාමල්ට චතුරිකාලාට හෙටක් !

චමල් ඉල්ලන්නේ අලුත් පක්ෂයකිනි. මෙය සජිත් ප්‍රේමදාසට එරෙහිව සියළු බලවේග ගොනු කල හැකි උපක්‍රමයකි. පොහොට්ටුව නොවන වෙනත් ලකුණකින් මැතිවරණයට ඉල්ලා සිටීම තුල  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට චමල් හා එකට සිට ගත හැක.  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගැලපෙන විසඳුමක් ක්‍රියාත්මක කරන බවට මහින්ද මෛත්‍රීට දුන් පොරොන්දුව ඉ‍ටු කිරීමකි .මරා- සිරා ගිවිසගත් පරිදි නාමල්ලාට චතුරිකාට හෙටක් තැනිය හැක. තවද කුමාර වෙල්ගම වැනි  උග්‍ර ගෝඨා වීරෝධීන්ට පිලියමද චමල්ය. ගෝටා කපා චමල් ගෙන ඒම හරහා දෙමල මුස්ලිම් ජාතිකයන් රාජපක්ෂලා කෙරේ දක්වන බිය තනූක කල හැක.

කාල්ටන් දසයන්ගේ මැදමුලන කොල්ලය !

කාල්ටන් දසයන්ගේ  මැදමුලන කොල්ලය අවසන් වන්නේ ගෝටා නිෂ්ක්‍රීය කිරීමෙනි. එය ගෝටා වාදීන්ට  බලවත් සිත් බිදීමක්  වනවා නොඅනුමානය . නමුත් මහින්ද විසින් සූක්ෂමව චමල් නැමති විකල්පය ඉදිරි පත් කරන නිසා  ඔවුන්ට නිහඩ වීමට සිදු වනු ඇත. තවද ගෝටාගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප වන්නේ ඔහු ඇමෙරිකන් පුරවැසියෙකු වීම නිසාවෙනි. එනම් ගෝඨාභයට ඉල්ලන්න බැරි වන්නේ මහින්ද මෙහෙයවන මැදමුලන කොල්ලය නිසා නොව  දෙස් විදෙස් කුමන්ත්‍රනයකිනි . කරුනු එසේ හෙයින් ගෝටාගේ චින්තනය ඉදිරියට ගෙනයාමට ඇති එකම  මාර්ගය චමල්ට ඡන්දය දීම බව මහින්ද කියනු ඇත.

By තුෂාරා වන්නිආරච්චි

(Lankanewsapp)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න