ශ්‍රිලනිප විභාගයෙන් සිරිසේන ඉහළින් සමත් !

ශ්‍රිලනිප විභාගයෙන් සිරිසේන ඉහළින් සමත් !
ජනාධිපති සිරිසේන විසින් ඊයේ (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට සහ තම මාධ්‍ය ඒකකයේ සාමාජිකයන් වෙත ප්‍රශ්න 4 කින් සමන්විත සමීක්ෂණ  ප්‍රශ්න පත්‍රයක් ලබාදී ඇති අතර එහි ප්‍රතිඵල මේ වන විට අනාවරණය වී තිබේ.
 
ශ්‍රිලනිප ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අදාල ප්‍රශ්න පත්‍රය වෙත ලැබී තිබූ පිළිතුරු අතුරින් 90%ක් සඳහන් කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති සිරිසේන ඉදිරිපත් විය යුතු බවය.
 
කෙසේ වුවත් මේ සම්බන්ධව ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණය තවම දන්වා නොමැති අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරණය සම්බන්ධව ශ්‍රිලනිප තීන්දුව කුමක්ද යන්න අද (05) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව අවස්ථාවේ ගනු ඇති බවය.
 
මේ අතර ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ලබාදී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මීට පෙර සඳහන් කර සිටියේ ජනාධිපති සිරිසේන හෝ වෙනත් කිසිවෙකු ශ්‍රිලනිප ය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය බවය.
 
එසේ නොවුනහොත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සමග මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් ඔහු සදහන් කළ අතර මේ වන විට නාම යෝජනා ලබාදී ඇත්තේද ඒ වෙනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න