සහය කාටද : ශ්‍රිලනිප තීන්දුව අද !

සහය කාටද : ශ්‍රිලනිප තීන්දුව අද !

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණයට අද (05) එළඹෙන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  සදහන් කරයි.

පක්ෂයේ සභාපති ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි ජනාධිපති නිලනිවසේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිත බවද මහ ලේකම්වරයා සඳහන් කරයි.

කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරණය අවස්ථාවේ ශ්‍රිලනිප සහය කාටද යන්න සම්බන්ධව පක්ෂයේ මත දෙකක් ඇති බවය.

පක්ෂයේ මත කිහිපයක් !

ඒ අනූව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් පොහොට්ටු පාර්ශවය සමග එක්ව ජනාධිපතිවරණය තුළ කටයුතු කල යුතු බවට දැඩි මතයක සිටින අතර අනෙක් පාර්ශවය කොන්දේසි සහිතව එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයට හානි නොවන ආකාරයට ඕනෑම සන්ධානයක් වෙත සහය දීමේ වැදගත් කම අවධාරණය කරමින් සිටියි.

මේ සම්බන්ධව බරපතල සාකච්ඡා පක්ෂ අභ්‍යන්තරයේ සිදුවෙන බවත් ඒකාධිපති පවුල් පාලනයක් යළිත් ඇතිවීමේ අවධානමක් පොහොට්ටු පාර්ශවයේ ජයග්‍රහණය තුළ ඇති බැවින් ඒ පවට කර නොගසා සිටීම මේ මොහොතේ දේශපාලනය බවට මතයක් දරණ පිරිසක්ද ශ්‍රිලනිපය තුල සිටින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න