ගෝඨා - සිරිසේන අවබෝධතා ගිවිසුමක් : සිරිසේන තීන්දුවක් ගන්න සූදානම් !

ගෝඨා - සිරිසේන අවබෝධතා ගිවිසුමක් : සිරිසේන තීන්දුවක් ගන්න සූදානම් !

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කල බවත්, එම තීන්දුව හෙට පෙරවරු 11.00ට දැනුම් දෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා  පැවසිය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක  රැස්වීම අද (05) පස්වරුවේ ආරම්භවූ අතර එය නිමාවට පත්වුයේ රාත්‍රී 10.30ට පමණය.

එහිදී 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂක ගෝඨාබයට සහයදිය යුතු බවට සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර ඇතුළු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බහුතරයක් සාමාජිකයින් අදහස් දක්වා ඇතැයි වාර්තාවේ.

ශ්‍රීලනිප සහය 'පොහොට්ටුවට ! - ඩලස් කියයි

මේ අතර ජනාධිපතිවරයා හා ගෝඨාබය රාජපක්ෂ අතර අද (05) පස්වරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගත් බවත්, ඒ අනුව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ සමග හා පොහොට්ටු පක්ෂය සමග වෙන වෙනම අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත්  'පොහොට්ටුවේ' අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම සාකච්ජාවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මෙන්ම, ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇතැයි ද පැවසේ.

ඔක්තෝම්බර් මස 09දා එම ගිවිසුම් අත්සන් කරන බව ගෝඨාබය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයකු වන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා තිබිණ.

එජාපය සමග එක් නොවන බව ශ්‍රීලනිපය කියයි

ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුම අද (05) ප්‍රකාශ කළේය. ඒ, ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුලුව අමතමිනි.

 සමුළුව ඇමතූ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ පැවසිය.

my1

nimal1

amara1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න