ජනාධිපති අපේක්ෂකයන් එකම වේදිකාවක : ගෝඨා මඟහැරලා !

ජනාධිපති අපේක්ෂකයන් එකම වේදිකාවක : ගෝඨා මඟහැරලා !

මාර්තු 12 සංවිධානය හා පැෆරල් සංවිධානය විසින් මෙවර ජනපති අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙනවිත් රටේ ප්‍රශ්න සඳහා ඔවුන් ලබාදෙන පිළිතුරු කවරේද යන්න පිළිබඳව වන මහජන වේදිකාව වැඩ සටහන ඊයේ  (05) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු අවස්ථාව මෙය  වූ අතර මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටි ප්‍රධාන අපේක්ෂකයන් වන එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමේ වැඩසටහනට එක්විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම වැඩසටහනට එක්නොවීය.

ප්‍රශ්න ඇසීම ගෝඨාට ඇලජික් !

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සජීවී වැඩසටහන් සඳහා සහභාගී නොවන බවත් ඊට හේතුව බරපතල ප්‍රශ්න ඉදිරිපත් වූ විට ඔහුට පාලනය කරගැනීමට නොහැකි කේන්තියක් එන බව පසුගිය රාජපක්ෂ පාලනය තුළ නිරීක්ෂණය වූ බවය.

වරක් බීබීසී මාධ්‍යවේදියා ලසන්ත වික්‍රමතුංග සම්බන්ධව විමසූ අවස්ථාව සහ සිරස මාධ්‍ය භාවිතය සම්බන්ධව ඔහු අවස්ථා කිහිපයක ප්‍රතිචාර දැක්වූ ස්වභාවය ද දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය වෙත විවෘත නොකිරීමේ ප්‍රතිපත්තියක් පොදුජන පෙරමුණ පාර්ශවය වෙතින්ද නිරීක්ෂණය වන බවය.

සජිත්ගේ ඉදිරිපත් වීම ප්‍රශංසනීයයි !

එසේම දේශපාලන විවාද සඳහා සාමාන්‍යයෙන් ඉදිරිපත් වනවා දැක නොමැති සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා මීට සහභාගී වීම අතිශය වැදගත් බවත් ඒ අනූව අභියෝග සඳහා මුහුණදීමට සහ එයින් පළානොගොස් අභිමුඛ වීම සාධනීය කරුණක් බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න