Language Switcher

V2025

ගෝඨාගේ ජය සමරන්න ස්ත්‍රී දූෂණයක් ඕන වූ ඩලාගේ වැලිගම ගෝලයා !

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අභියාචනාධිකරණය වෙත ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ වීමත් සමග පොහොට්ටු පාර්ශවය එය දන්නා කියන හැම ආකාරයකටම සමරණු ලැබිණ.
 
රතිඤ්ඤා පත්තු කිරීමේ සිට විවිධ අය ඒ ඒ අයගේ හැටියට එකී සැමරුම් සිදුකළ බව රටේ විවිධ ප්‍රදේශ වෙතින් වාර්තා විය.
 
 මාතර වැලිගම ප්‍රාදේශීය සභාවේ ප්‍රබලයකු ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙකු බව තහවුරු කරමින් ලැබුණු අභියාචනාධිකරණ තීන්දුව සමරන්න සූදානම් වූයේ තරුණියක දූෂණය කිරීම හරහාය.
 
වාර්තා වන ආකාරයට දිනය  පසුගිය 5 වනදාය. වැලිගම  ප්‍රාදේශීය සභාවේ පුහුණුවීම් සඳහා එවා සිටි 21 හැවිරිදි තරුණියකට මේ ප්‍රාදේශීය සභාවේ ප්‍රබලයා එදින  දන්වා ඇත්තේ විශේෂ රාජකාරි කටයුක්තක් සඳහා පිටතට යාමට ඇති බවය.
 
ඒ විධානය අනූව ඇය ඔහු සමග රථයට ගොඩවී ඇති අතර ප්‍රාදේශීය සභාවේ ප්‍රබලයා රථය ධාවනය කරවා ඇත්තේ ගාල්ල තල්පේ ප්‍රදේශය වෙතය.
 
ගාල්ල තල්පේ වූ ඊග# #### හෝටලය වෙත ගොස් කරන්න ඇති විශේෂ රාජකාරිය කෙසේවත් තමන්ට නම් සුභ දායක නොවුනු ඇතැයි සැකකළ තරුණිය වහාම තමන් සිටින ස්ථානය වට්සප් හරහා තම පියාට සහ සහෝදරයාට දන්වා තිබේ.
 
අනතුරේ ඉව හඳුනාගත් ඔවුන් වහාම තරුණිය දැනුම්දුන් ස්ථානය වෙත පැමිණ ඇති අතර ඒ වන විටත් වැලිගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පාපතරයා තරුණිය බිළිගැනීමට කුරුමානම් අල්ලමින් සිට ඇත.
 
පසුව අදාල ස්ථානයේ වැලිගම ප්‍රාදේශීය සභාවට කරන්න ඇති විශේෂ රාජකාරිය අසමින් තරුණියගේ පියා සහ සහෝදරයා ඔහුට පහරදී ඇත.
 
යන්තමින් ගැලවීගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ ප්‍රබලයා වහාම ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුලත් වී ඇත්තේ තරුණියගේ පියා සහ සහෝදරයා තමන්ට පහරදුන් බවට පැමිණිල්ලක් ද සිදුකරමිනි.
 
ඒ පැමිණිල්ල අනූව ක්‍රියාත්මක වී ඇති හබරාදූව පොලිසිය තරුණියගේ පියා සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇත. ඒ බව දැනගත් වහාම වැලිගම ප්‍රාදේශීය සභාවේ ප්‍රබලයා සිදුකර ඇත්තේ වහාම රෝහලෙන් පිටව යාමය.
 
නමුත් තරුණියගේ පියා සහ සහෝදරයා ඒ වන විට ඇත්ත සිදුවීම හබරාදූව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වෙත අනාවරණය කර ඇති අතර  අත්අඩංගුවට ගත යුතුව තිබුණේ වැලිගම ප්‍රාදේශීය සභාවේ ප්‍රබල පොහොට්ටු නොසන්ඩාලයාව බවත් පොලිසිය තේරුම් ගෙන තිබේ.
 
ඒ බව අපරාධකාරී ඉවෙන් තේරුම් ගත් මේ වැලිගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු නොසන්ඩාලයා දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නායකත්වය අමතා පත්ව ඇති අමාරුව පවසා තිබේ.
 
කවදත් ස්ත්‍රී දූෂකයන්ට ආරක්ෂාව සපයන රාජපක්ෂ කඳවුරේ මාතර දිස්ත්‍රික් ප්‍රධානීන් කඳවුරේ යුතුකම අකුරට ඉටුකරන්නේ ඉන් අනතුරුවය.
 
ආණ්ඩු බලය නොමැති නිසාම ඔවුන් වැලිගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු නොසන්ඩාලයාට උපදෙස් දෙන්නේ තරුණිය බිය වද්දා මුදල් දී ප්‍රශ්නය දුරදිග නොයවා බේරා ගන්නය.
 
පසුගාමී ලාංකේය සමාජයේ ස්ත්‍රියක් දූෂණය විය යුතු නැත. කොල්ලෙක් සමග වැල්ලට ගියත් තරුණිය ගැබ් ගැන්වීමට ඒ සමාජය සූදානම්ය. ඒ බව පොහොට්ටු පක්ෂයේ මාතර ලොක්කන් හොදටම දන්නා අතර ඊට අනූව ඔවුන් නිකුත් කළ උපදෙස් ද නිවැරදිය. දැන් තරුණිය මර බියෙන්‍ ය. 
 
ඒ හමුවේ පාර්ලිමේන්තු  මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ට දැන්  බය වෙන්න හේතුවක් ඇත්නම් ඒ මේ නොසන්ඩාල ගෝලයා වහාම අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු නියෝග කර තිබීමය.
 
එපමණක් නොව  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව හෙළුවෙන් මාතර දුවවන බවට වහසිබස් කියන්න තරම් ඩලස්ලාගේ මේ නොසන්ඩාල ගෝලයන් ධෛර්යය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගනී යන අපේක්ෂාව නිසාය. 
 
ඩලස්ලා වැදි බණ කියන අතර ගෝලයන්ගේ මේ වැඩ කරන්නේ ගෝඨාභය රජවූ පසුව බේරෙන්න බලාගෙනය. දැන් හිරේ විලංගුවේ වැටෙන්නේ නීතිය රජෙක් විසින් නොව නියමිත ආයතන හරහා ක්‍රියාවට නැංවෙන නිසාය.
ඩලස් අලහප්පෙරුම වැනි කේවට්ටයන් රජෙක්ම පතන රහසත් ඒ අනුව පැහැදිලිය.