හම්බන්තොටත් දිනනවා - දිලිප් 

හම්බන්තොටත් දිනනවා - දිලිප් 

2020 ජනාධිපති ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  අතිවිශිෂ්ඨ ජයක් ලබමින් පත්වෙද්දී රාජපක්‍ෂ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්‍ෂය නියත වශයෙන්ම ජයගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර් ධන රාජ්‍ය අමාත්‍ය , හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ බලමණ්ඩලයේ සභාපති , තංගල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක දිලිප් වෙදආරච්චි  පවසයි .

ඔහු මේ බව සඳහන් කළේ  හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි .

මාධ්‍යයට  වැඩිදුරටත් අදහස් දැක්වු  වෙදආරච්චි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"   අද සංවිධානය කල හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉතාම සාර්ථකයි . මෙම රැස්වීමට දිස්ත්‍රික්කයේ සියලු  මහජන නියෝජිතයින් වගේම පහුගිය කාලයේ පක්‍ෂයේ දේශපාලන කටයුතුවලින් ඇත්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,පළාත් සභා සහ පළාත් පාලන මහජන නියෝජිතයින් ද සහභාගී වීම ඉදිරි ජය තහවුරු වීමක් . මොකද පක්‍ෂයෙන් ඇත් වී සිටි සියලු  දෙනා නැවත පක්‍ෂය වටා ඒකරාශී කරගැනීමට ලැබීමත් විශාල ජයග්‍රහණයක් .    

විපක්‍ෂයේ පොහොට්ටුවෙන් කණ්ඩායම් ගැලවී යද්දී අපි වටා කණ්ඩායම් එක්වීම තමයි ජයග්‍රහණයේ පෙරනිමිති . දැන් බලන්න රටේ ක්‍රියාත්මක වර්ජන රැල්ල , මේ වර්ජන රැල්ල මෙහෙයවන්නේ පොහොට්ටුවෙන් බව අද රහසක් නෙමෙයි . බලය වෙනුවෙන් ජනතව බිල්ලට ගැනීම ඒ අයට හුරු පුරුදු දෙයක් . නමුත් මෙවැනි ජනතාව අපහසුතාවට පත්කරන වැඩ අපිවත් , ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකු අනුමත කරන්නේ නැහැ . එකෙන් පැහැදිලියි ජනාධිපතිවරණය ජයගන්න බැරි බව දන්නා පොහොට්ටුව ජනතාව හිංසනයට ලක් කරන්න කරන වැඩ බව . මෙවැනි කුමන්ත්‍රණ නැවැත්වීම සදහා අද ජනතාව එක්සත් ජාතික පක්‍ෂය වටේ රොක්වෙමින් සිටිනවා . ඒක නවත්වන්න සක්‍රයටවත් බැහැ .    

අපි අද තීරණය කළා සැලසුම් කළා එක්සත් ජාතික පක්‍ෂය නොවැම්බර් 16 දින ජයගන්න කොට දිස්ත්‍රික්කයත් ජයගැනීමේ වැඩපිළිවෙල .  පොහොට්ටුව වැඩ වර්ජන රැල්ලක් නිර්මාණය කරමින් දේශපාලනය කරද්දී අපි එක්සත් ජාතික පක්‍ෂය වශයෙන් ජනතාවගේ කැමැත්ත දිනාගනිමින් මැතිවරණයේ ජය වෙනුවෙන් ජනතාව සමග එක්ව කටයුතු කරමින් ඉන්නවා . මේක තමයි වෙනස . වසර 29 කට පස්සේ තමයි අපිට මෙවැනි අවස්ථාවක් ලැබිලා තියෙන්නේ".

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න