Language Switcher

V2025

දෙකට දෙවාරේ ගෝඨා නාමයෝජනා සඳහා අත්සන් තබයි !

පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා වන  ගෝඨාභය රාජපක්ෂ  ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා අද නාමයෝජනා අත්සන් කරනු ලැබූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂගේ  මිරිහාන පිහිටි නිවසේ දී සුබ මොහොතින් මෙසේ අත්සන් තැබු අවස්ථාවට විපක්ෂ නායක  මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ප‍්‍රධානීන් සහභාගී වූ බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණින් ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ඔහු මෙම නාම යෝජනා සඳහා අත්සන් තැබුනු අතර ඒ අනූව නව සන්ධානයක් වෙනුවෙන් ශ්‍රිලනිප ය ඉදිරිපත් කළ කොන්දේසිය නොතකා කටයුතු කිරීමට පක්ෂය අභ්‍යන්තරයේ එකඟතාවයක් පැවති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

අපේක්ෂකත්වය අවධානමේ !

එසේම මේ වන විට ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි භාවය අභියාචනාධිකරණය විසින් තහවුරු කර ඇති නමුත් ඔහුගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය සම්බන්ධව ගැටලුවක් ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඒ අනූව ගෝඨාභය රාජපක්ෂගේ නාම යෝජනා පත්‍රය සම්බන්ධව විරෝධතාවක් මතුවීමට වැඩි ඉඩක් ඇති බවත් ප්‍රශ්නය විසදීමට බොහෝ දුරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට සිදුවනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

මන්ද දේශපාලන විචාරකයන් පෙන්වා දෙන ආකාරයට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට සුදුසුකම් ඇති අයෙකුට පමණක් වන අතර ද්විත්ව පුරවැසියකු සඳහා ඊට අවස්ථාව නැත.

විචාරකයන් පෙන්වා දෙන්නේ යම් ආකාරයකට මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියහොත් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබාගැනීමට අදාල ලියවිලි ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ වෙත සිදුවනු ඇති බවය.

මේ ප්‍රශ්නය නිසාම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හරහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස චමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පවුල කටයුතු කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.