රාජ්‍ය සේවකයන් වෙත මැතිවරණ කොමිසමෙන්  විශේෂ ඉල්ලීමක් !

රාජ්‍ය සේවකයන් වෙත මැතිවරණ කොමිසමෙන්  විශේෂ ඉල්ලීමක් !

ජනාධිපතිවරණ කාල සීමාව තුළ අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාත්මක නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින අතර  ස්වකීය ඉල්ලීම් දිනා ගැනීම සඳහා නීතියෙන් තහනම් නොකරන ලද ක්‍රියාමාර්ග ගැනීමට රජයේ සේවකයින්ට සහ වෘත්තිය සමිතිවලට ඇති අයිතිවාසිකමට මැතිවරණ කොමිෂන් සභාව ගරු කරන බවත් පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර  එසේ වූවත්, රාජ්‍ය සේවයේ සියලු සේවකයින් සිය කාර්යන් ඉටු කරමින් ක්‍රියාත්මක නොවුණ හොත්, ජනාධිපතිවරණය වැනි ජනතාවගේ ඡන්ද අයිතිය ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික මැතිවරණයක් නිසි ලෙස පැවැත්විය නොහැකි බවත් සඳහන් කරයි.

එබැවින් දැනට වැඩවර්ජනයේ නිරතව සිටින දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැඩිවර්ජනය මැතිවරණ කාල සීමාවේ අත්හැර සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට යොමු වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කල නිවේදනය හරහා ඉල්ලා සිටියි.

එමෙන්ම තම ඉල්ලීම් ලබා ගැනීම සඳහා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අඛණ්ඩ වැඩවර්ජන ජනාධිපතිවරණ කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස සියලු රාජ්‍ය සේවකයින් හා සංස්ථා, මණ්ඩල, බැංකු ආදි අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ගෙන් ද ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එමෙන්ම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වෘත්තිය අරගලවලට එළැඹ ඇති රාජ්‍ය හෝ පෞද්ගලික වෘත්තිය සමිති සමඟ අදාළ ඉල්ලිම් පිළිබඳ සාකච්ඡා සම්මුතියෙන් හා එකඟතාවයෙන් ගැටලු විසඳා ගැනීමට උත්සහ දරණ ලෙස රජයේ නිසි බලධාරීන්ගෙන් ද මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.

කුමන තත්ත්වයක් යටතේ වුව ද, නියමිත දිනයේදී ජනාධිපතිවරණය නියාමානුකූලව පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින්, ඒ සඳහා උපරිම ශක්තිය යොදා ක්‍රියාකිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරමින් සිටියි.

ඒ සඳහා සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සහය අපේක්ෂා කරමින්, ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න