සිරිසේන නිර්පාක්ෂික වේ : මන්ත්‍රීවරු පොහොට්ටුවේ එල්ලෙයි- පාක්ෂිකයින් අතරමං!

සිරිසේන නිර්පාක්ෂික වේ : මන්ත්‍රීවරු පොහොට්ටුවේ එල්ලෙයි- පාක්ෂිකයින් අතරමං!

මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය තුළ එනම්, අද සිට නොවැම්බර් 18 දා දක්වා ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර තිබේ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ඇතැමුන් මර බිය නිසාත්, තනතුරු හා වරප්‍රසාද බලාපොරොත්තුවෙන් යුතුවත්  'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය පළකරමින් පොහොට්ටු වේදිකාවට ගොඩවීමට තීරණය කල ද, ජනාධිපතිවරයා 'පොහොට්ටුවට' කිසිඳු ආකාරයකින් සහය නොදීමේ ස්ථාවරයකට එළඹ ඇත.

ශ්‍රීලනිපය ගමනක අවසානය ......

rat pohottuwa 450pxජනාධිපතිවරයා එවැනි තීරණයකට එළඹ ඇත්තේ ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ දැඩි බලපෑම මතය. කිසිඳු ලෙසකින් පොහොට්ටු පක්ෂයට එක්නොවන ලෙසත් කිසිඳු ආකාරයකින් සහය නොදක්වන ලෙසත් ශ්‍රීලනිප ආසන සංවිධායකයින් පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයාට දිගින් දිගටම බලපෑම් කර තිබිණ.

ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා පසුගිය 04දා ශ්‍රීලනිප ආසන සංවිධායකයින් කැඳවා අවසානයේදී සිදු කළ මත විමසීමේදී සංවිධායකින් දෙදෙනෙකු හැර අන් සියලු දෙනාම 'පොහොට්ටුව' සමග සන්ධානගතවීමට විරෝධය පළකර තිබිණ.

ජනාධිපතිවරයා ග්‍රාමීය මට්ටමේ පාක්ෂිකයන්ගේ අදහස් විමසීමේදී බහුතර මතය පළවී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ සහාය දැක්වුවහොත් එය ශ්‍රීලනිපයේ අවසානය විය හැකි බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න