ශ්‍රීලනිප මන්ත්‍රී තීන්දුව : චන්ද්‍රිකාගේ දැඩි දෝෂදර්ශනයට !

ශ්‍රීලනිප මන්ත්‍රී තීන්දුව : චන්ද්‍රිකාගේ දැඩි දෝෂදර්ශනයට !
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය විරෝධය පළකර ඇති බව වාර්තා වෙයි.

එහිදී පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායකයන් 90% කට වැඩි පිරිසක් පොහොට්ටුවට සහාය දැක්වීමට එරෙහි මතයක සිටියදී නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට තීරණය කරන්නේ කෙසේදැයි එහිදී ඇය ප්‍රශ්න කර සිටින අතර  මෙය පොහොට්ටුව ඉදිරියේ ශ්‍රීලනිපය පාවාදීමක් ලෙස තමන් හඳුන්වන බවත් අවධාරණය කර තිබේ.

ශ්‍රීලනිපය දුර්වල වූයේ එජාපය සමග හවුල් ආණ්ඩු පිහිටුවීම නිසා නොවන බවත්, පක්ෂය විනාශ වීමට හේතුව පක්ෂයේ සභාපතිවරයා නිවැරදිව පක්ෂයට නායකත්වය දීමට අසමත්වීම නිසා බවත් එහි සඳහන් කර ඇත.

තවද පක්ෂය නිවැරදි මගට ගන්නවා වෙනුවට පක්ෂ නායකත්වය, රාජපක්ෂලාගේ කුමන්ත්‍රණවලට රැවටී පක්ෂය විනාශ මුඛයට ගෙනගිය බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් අවධාරණය කර  ඇත්තේ  පොපෙ හා එක්වීම යනු පක්ෂය තවදුරටත් දියකර හැරීමක් බවයි.

ශ්‍රීලනිපයට වඩාත් ආදරය කරන හා දන්නා පුද්ගලයා ලෙස, පක්ෂය ඔබ ඇතුළු කිහිප දෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් වෙනත් පක්ෂ ඉදිරියේ බිලදීමට කටයුතු නොකරන මෙන් ආයාචනා කර සිටින බව ද හිටපු ජනාධිපතිනිය සිය ලිපිය මගින් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර වෙත දන්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න