ලංසුව වැඩිවී තොණ්ඩා නවතීයි : ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් දිගම්බරන්ට !

ලංසුව වැඩිවී තොණ්ඩා නවතීයි : ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් දිගම්බරන්ට !

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවන් පිරිසක් අමාත්‍ය පලනි දිගම්බරම් නායකත්වය දරන ජාතික කම්කරු සංගමයට සහ කම්කරු ජාතික පෙරමුණට අද (10) එක්ව ඇත.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්විම සදහා මෙන්ම වතුකරයේ ජනතාවට අමාත්‍ය පලනි දිගම්බරම් සිදු කරන සංවර්ධන කටයුතු වලට සහයෝගය දැක්විම සදහා බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් වන එම්.මල්ර්වාසගම් , නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි සහ එස්.විරාසාමි ඇතුළු පිරිසක්  කඳුරට සංවර්ධන අමාත්‍යාංශයේදි අමාත්‍ය පලනි දිගම්බරම්  හමු වි සංගමයේ සමාජිකත්වය ලබාගෙන ඇත.

තොණ්ඩාගේ ලංසුව වැඩියි !

පසුගිය සමයේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාසට සහය ලබාදීම සඳහා සාකච්ඡා පැවැත්වූ නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ බවත් වාර්තා වෙයි.

එහිදී පක්ෂයේ සංවිධාන කටයුතු වෙනුවෙන් කියා විශාල මුදලක් අවශ්‍ය බව මෙන්ම ඊළඟ මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණ ලැයිස්තුවෙන් අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළත් කිරීමට අවශ්‍ය බව තොණ්ඩමන් මන්ත්‍රීවරයා ඉල්ලා ඇති අතර  ඊට එකඟවීමට නොහැකි බව  එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න