මැතිවරණ සමයේ : ළමා ආරක්ෂණයෙන් විශේෂ ඉල්ලීමක් !

මැතිවරණ සමයේ : ළමා ආරක්ෂණයෙන් විශේෂ ඉල්ලීමක් !

දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු  දේශපාලන පක්ෂවලින්, ස්වාධීන කණ්ඩායම් හා තැනැත්තන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති මෙම අවස්ථාවේදී ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගී කර ගන්නා බවට මහජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.

ළමයින් දේශපාලන කටයුතු වලට සහභාගී කර ගැනීම මගින් ඔවුන්ව කායික හෝ මානසික හිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් වේ. එමෙන්ම එවැන්නක් ළමයාගේ අයිතිවාසිකම්ද උදුරාගනු ඇති බවත් එහිදී  අවධාරණය කර ඇත.

එවැනි සිදුවීම් වෙතොත් 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා හෝ ලිඛිතව හෝ ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වහාම දැනුම් දෙන ලෙස ඔවුන්  වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න