ජයම්පති ඇතුළු එක්සත් වාමාංශික පෙරමුණේ සහයත් සජිත්ට !

 ජයම්පති ඇතුළු එක්සත් වාමාංශික පෙරමුණේ සහයත් සජිත්ට !
එළැඹෙන ජනාධිපතිවරණය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජනාධිපති නීතිඥ ජනාධිපති වික්‍රමරත්න ඇතුළු එක්සත් වාමාංශික පෙරමුණේ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ජයම්පති වික්‍රමරත්න ඇතුළු එක්සත් වාමාංශික පෙරමුණ මීට පෙර තීරණය කර තිබුණේ ජාතික ජනබල වේගය සංවිධානයේ ජනාධිපති ධූර  අපේක්ෂකයා වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වෙත සහය දැක්වීමටය.
 
ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස වෙත ලබාදීම නිසා බවටත් මත පළවිය.
 
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රබලයන් කිහිපදෙනකු සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ඔවුන් සජිත් ප්‍රේමදාස වෙත සහය දැක්වීමට තීරණය කළ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න