විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට

විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු සඳහා විදේශිය නිරික්ෂකයින් 100කට වඩා වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි ජාතික මැතිවරණ කොම්සන් සභාව පවසයි.

මේ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලින් නිරීකෂකයින් 20ක්,යුරෝපා සංගමයෙන් 60ක්,සාක් රටවලින් 25ක් පැමිණෙන පැමිණෙන බව දැනුම් දි ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජිත පිරිසෙන් දෙදෙනෙකු දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි මැතිවරණ කොමිෂම පවසයි.

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් හෙට (15දා) මැතිවරණ කොමිසන් සභාවට පැමිණෙන බවද දැනුම් දී තිබේ.

මෙම විදේශිය නිරික්ෂකයින් ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන ප්‍රචාරක කටයුතු හා ජනාධිපතිවරණයෙන් පසු රටේ තත්ත්වය නිරික්ෂණ කරනු ඇත. මේ හැර දේශිය මැතිවරණ නිරික්ෂණ සංවිධායන කිහිපයකට ද මැතිවරණ නිරික්ෂණ කටයුතු සඳහා කොමිසන් සභාව විසින් අනුමැතිය ලබා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න