ගෝඨා හමුදා විනය වනසයි : ශවේන්ද්‍රගේ තනතුරත් අවධානමේ !

ගෝඨා හමුදා විනය වනසයි : ශවේන්ද්‍රගේ තනතුරත් අවධානමේ !

පොදුජන පෙරමුණේ ජාතිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකල බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් අද (14)  මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.

ඒ වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශයක් සහ නිල ඇඳුමින් සිටින ජායාරූපයක්  ජනාධිපතිවරණ  ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධවය.

මේ අවස්ථාව සඳහා අමාත්‍ය අජිත් පී.පෙරේරා ඇතුළු පිරිසක් සහභාගීව සිටි අතර එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි බරපතල වැරදි කරපු අවස්ථාවලදි මීට කලින් රටේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙලා ඒ ධුර දරන පුද්ගලයන්ගේ ධුර අහිමිව තියෙන බවය. 

මේ අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සිදුකල මේ කටයුත්ත නිසා හමුදාපතිවරයාට සිය තනතුර පවා අහිමිවීමේ අවධානමක් ඇති බවයි. එසේම මේ සම්බන්ධව වහාම ජනාධිපතිවරයා මෙන්ම හමුදාපතිවරයාද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොවුන හොත් දේශපාලන පක්ෂ මත ආරක්ෂක අංශවල බෙදීම් ඇතිවී ජාතික ආරක්ෂාව සැබෑ ලෙසම අවධානමේ අනතුරක් මතුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සිදුකල මේ කටයුත්ත නිසා හමුදාපතිවරයාට සිය තනතුර පවා අහිමිවීමේ අවධානමක් ඇති බවයි. එසේම මේ සම්බන්ධව වහාම ජනාධිපතිවරයා මෙන්ම හමුදාපතිවරයාද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොවුන හොත් දේශපාලන පක්ෂ මත ආරක්ෂක අංශ වල බෙදීම් ඇතිවී ජාතික ආරක්ෂාව සැබෑ ලෙසම අවධානමේ අනතුරක් මතුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න