හිස්බුල්ලාගේ සහය ගෝඨාභයට : මෙන්න සාක්ෂි !

හිස්බුල්ලාගේ සහය ගෝඨාභයට : මෙන්න සාක්ෂි !

ජනාධිපති අපේක්ෂක එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට වන බව ප්‍රකාශ කරමින් නැගෙනහිර පළාත තුල මේවනවිට පත්‍රිකාවක් බෙදා හැර තිබේ. 

hisbull

දෙමල භාෂාවෙන් පළකර ඇති එම පෝස්ටරයේ අන්තර්ගත සිංහල පරිවර්තනය සැකෙවින් මෙසේය.

"ජාති ආගමික බේද නැති ආචාර්ය හිස්බුල්ලා ආණ්ඩුකාරයා කරමු. දක්ෂතාවයත් වැඩපිළිවෙලක් තියෙන ජාති ආගම් බේද නැති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලව ආණ්ඩුකාරයා කර සාමකාමී සමබර නැගෙනහිරක් ගොඩ නගමු.

මුස්ලිම් ඡන්ද දායකයන් ඔ‍ටුවා ලකුණටත් දෙමළ ඡන්දදායකයා පොහො‍ටුව ලකුණටත් ඡන්දය දෙමු.සැබෑ නායකයා ගොටාබය රාජපක්ෂ මැතිදුන් සහ නැගෙනහිර නායකයා හිස්බුල්ලා මැතිදුන් එකතුවී අලුත් නැගෙනහිරක් හෙට උදාකරයි.''

- මුස්ලිම් දෙමළ පෙරමුණ"

එස්.බී අනාවරණය සහ විරෝධය !

මේ අතර එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරේ හිස්බුල්ලාගේ සහය ගෝඨාභයට හිමිවෙන බවය. 

එහෙත් නාමල් රාජපක්ෂ එහිදී ට්වීටර් පණිවිඩයක් සටහන් කරමින් එස්.බී මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කල අතර ගෝඨාභය රාජපක්ෂගේ සම මාධ්‍ය ප්‍රකාශක වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් හිස්බුල්ලාගේ සහය ගෝඨාභය රාජපක්ෂට ලැබෙන බව පවසන්නේ විරුද්ධවාදීන් බව පැවසීය.

එමෙන්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද එස්.බී කට වහගෙන සිටීම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සහ ජයග්‍රහණය ට පහසුවක් බව පැවසීය.

එහෙත් ඒ සියලු කතා පට්ටපල් ගජබින්න බව හිස්බුල්ලාගේ ප්‍රචාරක පෝස්ටරයෙන් ඔප්පු වෙයි.

news tube මීට පෙර අනාවරණය කර සිටියේ බැසිල් රාජපක්ෂ විසින් හිස්බුල්ලාව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කල බවයි. එම අනාවරණයද මේ හරහා ඔප්පු වෙයි. 

සබැඳි පුවත් :

හිස්බුල්ලා දැම්මේ බැසිල් : එස්.බී. දිසානායක තහවුරු කරයි !

 

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න