Language Switcher

V2025

උතුරු නැගෙනහිර ශ්‍රිලනිප සහය සජිත්ට : සංවිධායකයන් බුරුතු පිටින් එයි !

ප්‍රගතිශීලී දෙමළ ජාතික පක්ෂයේ සහ මඩකලපුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  දිස්ත්‍රික් නායක ගංගාධරන් ඇතුලු නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ  සංවිධායක පිරිසකගේ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත හිමිව තිබේ.

එසේම  යුද්ධයෙන් පසු යාපනය දිස්ත්‍රික් පළමු නගරසභාවට තේරීපත්ව එහි සභාපති දූරය උසුලමින් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරීපත්වූ නාගරික මන්ත්‍රීවරයෙක් වූ වත්මන් ප්‍රගතිශීලි දෙමළ ජාතික පක්ෂයේ වත්මන් නායක S. විජයකාන්ත් ද  සජිත් ප්‍රේමදාස ට  සහය පලකිරීමට එක්ව ඇත. 

ප්‍රගතිශීලී දෙමළ ජාතික සංධානය බිහිකරමින් වසර 5 තුල 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරනයෙන් ප්‍රාදේශීය සභා නගරසභා මන්ත්‍රී ආසන 16 ක් ජයග්‍රහණය කිරීමට එම පක්ෂය සමත් විය. 

පළාත්පාලන නියෝජිතයින් 16 දෙනා නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම සහභාගීවූ අතර සමස්ථ පක්ෂයේම උපරිම සහය ලබා දෙමින් උතුරු පලාතේ පරිපාලන දිස්ත්‍රික්ක පහ තුලම සජිත් ප්‍රේමදාස මහතා ජනපතිකරවීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය දීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මුණගැසුනු ඔවුන් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඩකලපුව දිස්ත්‍රික් නායක ගංගාධරන්  ඇතුලු තවත් නිදහස් පක්ෂ සංවිධායක පිරිසක්ද සජිත් ප්‍රේමදාසගේ  ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්සත් ජාතික පක්ෂ විජයග්‍රාහී ජනපති සටන සමගින් එක්ව ඇති අතර  උතුරු නැගෙනහිර දෙපලාත තුල පමණක් සෘජුව පළාත්පාලන නියෝජිතයින් 30 ඉක්මවන ප්‍රමාණයක් මොවුන් සමගින් සජිත් ප්‍රේමදාස  ජනපති කිරීමේ සටනට එක්වූ අතර ඔවුන් සම්බන්ධීකරනය කිරීමේ ක්‍රියාවලියේදී අමාත්‍ය බුද්ධික පතිරණ සුවිශේෂි කාර්‍යභාරයක් ඉටුකල බවත් වාර්තා වෙයි.