Language Switcher

V2025

කුමාරයන්ට රේස් පදින්න හමුදාව වැලි ගෝනි ඇදපු යුගයක් ආය නෑ  : ආරක්ෂාව ෆොන්සේකාට -සජිත් 

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා මේ රටේ සැබෑ යුද වීරයාව තෝරගෙන සිටින බවත්  රටේ නීතිය හා සාමය වගේම ත්‍රිවිධ හමුදාව මෙහෙයවීමේ  වගකීම වෙනුවෙන් රටේ ආරක්ෂාවේ ප්‍රධාන පුටුව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට  බාර දෙන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. 

ඊයේ (22) ප්‍රකාශ පන්නල පවැති ප්‍රචාරක  රැළියක් අමතමින් ඔහු ඒ බව සඳහන් කල අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  රණබිමේ වැඩක් කරලා පෙන්නපු පුද්ගලයෙක් බවත්  රටට පිළිලයක් වුනු කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම විනාශ කළ සටනේ සැබෑ වීරයා ඔහු බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් මෙසේද පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැන්නෙකුට  මේ රටේ ආරක්ෂක අමාත්‍යධූරයෙන් හා නීතිය හා සාමය අමාත්‍යධූරය දිලා මේ රටේ තිබෙන්නා වූ අන්තවාදී ත්‍රස්තවාදය අපි මුළුමනින්නම විනාශ කරනවා. ඒ වගේම රටේ දරු පරපුර මතු පුරපුර විනාශ කරන කුඩු වෙළෙන්දන්ටත් අනිවාර්යයෙන්ම අවසන් ඉරණම අපි අත්පත් කර දෙනවා.

බුද්ධි අංශ දුර්වල වුණේ  දේශපාලනීකරණය කළ නිසා !

මේ රටේ ජාතික ආරක්ෂව ගොඩනගන්නට අපි ප්‍රධාන පියවර අරගෙන තිබෙනවා. දක්ෂතම පුද්ලයට නායකත්වය ලබාදී අපි නතර වෙන්නේ නැහැ. අපි ත්‍රිවිධ IMG 20191023 WA0010හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශ නවීකරණය කරලා නැවුම් භාවයට පත් කරලා නවීන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් ක්‍රමෝපායන්, නවීණ පුහුණුව, නවීන යුද ආම්පන්න ලබාදී අපේ ආරක්ෂක අංශ ශක්තිමත් කරන්නට කටයුතු කරනවා.මේ රටේ බුද්ධි අංශ දේශපාලනීකරණය වීමෙන් දුර්වල මට්ටමකට වැටිලා තියෙනවා.

බුද්ධි අංශය නිර්මාණය වෙන්න ඕනා දේශපාලඥයන්ගේ උපදෙස් මත කටයුතු කරන්න නොවෙයි. ඔවුන් ඉන්නේ ස්වාධිනව රටේ උද්ගත වෙන ගැටළු හා අභියෝග ගැන කලින් තොරතුරු සොයා දෙන්නයි. එම අභියෝග හා ගැටළු විසදන්න අවශ්‍ය උපදෙස් දී විනාශයක් වෙන්න යනවා නම් එය වළක්වාලීමටයි. එම නිසා බුද්ධි අංශය අපි සහමුලින්ම නිර්දේශපාලනීකරණය කරන්න කටයුතු කරනවා.

නූතන ත්‍රස්තවාදය මර්ධනය කිරීම සදහා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළහැකි ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ලෝකය අමනාප කරගෙන අපට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපට වැදගත් අපට වටිනා රටවල් සමග සෘජු ශක්තිමත් විනිවිදභායෙන් යුතු සබඳතා ගොඩනගනවා. ඒ සබදතා ඔස්සේ නූතන ත්‍රස්තවාදය විනාශ කරන්න අපට අවශ්‍ය බුද්ධිමය තොරතුරු ලබා ගත හැකි වෙනවා. එම තොරතුරු හරහා ප්‍රතිත්‍රස්ත ක්‍රියාදාමය ශක්තිමත් කරන්න පුළුවන්.
ජනාධිපති තනතුර ගන්නට මේ ජනතාව ශක්තිය දුන්නාම යකාබැදිඇල්ල වැව හදලා ජනතා බලාපොරොත්තු ඉටු කරනවා. ඒ වගේම පානීය ජල ප්‍රශ්නයටත් ස්ථිර විසදුමක් දෙනවා. මාකදුර ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ජලපෝෂිත ප්‍රදේශයක් කරනවා. කටුගම්පොල මැතිවරණ කොට්ඨාශයේ මෙතෙක් ක්‍රියාත්මක නොවුණු සංවර්ධන වැඩසටහන් පෞද්ගලික අධික්ෂණය යටතේ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නයත් අපි විසදනවා. කටුගම්පොල මැටි කර්මාන්තයත් ක්‍රියාත්මක වෙනවා. පරිසරයට හානියක් නොවන ආකාරයට මැටි කර්මාන්තයේ නිරත පවුල්වලට අවශ්‍ය දිරිය ශක්තිය ලබාදී එය දියුණු කරනවා සේම උළු කර්මාන්තයේ නිරත පවුල්වලටත් අවශ්‍ය ශක්තිය ලබාදී එය දියුණු කරනවා.

බුලත් වගාවේ නිරත ගොවි පරපුරක් ඉන්නවා. බුලත් අපනයනයේදි පකිස්ථානය වැනි රටවල් විවිධ බදු පැනවීම හේතුවෙන් අපේ බුලත් වගාකරුවා අසහනයට පත් වී සිටිනවා. මගේ ප්‍රතිවාදියා එක ගොවිතැකට පමණක් පොහොර නොමිලේ ලබා දෙද්දි අපි වී වගාවට පමණක් සිමා නොවි නොව පොල් වගාව, රබර් වගාව, තේ වගාව, සුළු අපනයන බෝග වගාව, ගොඩ බෝග වගාව, හේන් ගොවි තැන, එළවළු - පළතුරු ගොවිතැන සහ බුලත් වගාව ඇතුළු හැම වගාවකටම නොමිලේ පොහොර ලබා දෙන්න කටයුතු කරනවා.එම නිසා එළැඹෙන රජය හිනහිතකාමි ජනතාවාදී රජයක්. පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටින රජයක්.

හැම අවස්ථාවේම මහපොලවට පයගසා සිටින පුංචි මිනිහා වෙනුවෙන් පොනී සිටින්නට අපි කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාව මත පැටවුනු බදු බර ඉවත් කර බදු බර පීඩනය වෙනුවට සහනය ලබා දෙනවා.

මේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් සමෘද්ධි වැඩසටහන ශක්තිමත්ව කරනවා වගේම ජනසවියත් ලබා දෙනවා. අපේ රට ඉදිරි දියුණුවත් සමග මධ්‍යම පන්තිය පුළුල් වීමත් සමග මධ්‍යම පන්තියට දැවැන්ත හයියක් ශක්තියක් ලබාදීලා මධ්‍යම පන්තියේත් ඕනෑ එපාකම්වලට විසදුම් ලබා දෙනවා.

රාජකුමාරයන්ට රේස් පදින්න හමුදාව වැලි කොට්ට අදින යුගය අවසන් කරනවා !

පාලකයින්ගේ සේවකයින් මට්ටමට ඉකුත් රජය කාලයේ ආරක්ෂක සේවය ලක් කලා. පාලකයින්ගේ බිරිදෑවරුන්ගේ සුවච කීකරු වහළුන් බවට ආරක්ෂක අංශ පත් කරලා රටේ ආරක්ෂාව තහවුරු කරන්නට බැහැ. යුද ජයග්‍රහණයෙන් පස්සේ රණබිමේ වීරයන් වූ රණවිරුවන්ව පාවිච්චි කළා පාරවල් සුද්ද කරන්නට හා කුණු ඉවත් කරන්නට. එතනින් නොනැවති රජකුමාරවරුන්ට රේස් කාර් පදින්න දළදා මාලිගාව ඉදිරිපිට පාරේ වැලි කොට්ට ගැහුවේ අපේ විරෝධාර රණවිරුවනුයි.
මගේ පියාණන් ඉදි කළ රන්වියන ඉදිරිපිට මුළු නුවර නගරයේම පාරවල් වහලා යුරෝපයෙන් හා රුසියාවෙන් නලඟනන් ගෙන්වලා රෑ තිස්සේ මහා සංගීත සැණකෙළි පැවැත්වූවේ දළදා මාලිගාව ඉදිරියේයි.

බුදුදහම ගැන මහාලොකුවට කතා කරන මේ අය කළේ බුදු දහම කෙළෙසෙන ක්‍රියාවලියක් නොවේද? 2025 වන විට මේ රටේ දහම් අධ්‍යාපනය ශක්තිමත් කරලා මේ රටේ හැම විහාරස්ථානයකම දහම් පාසල් ශාලා අඩුපාඩු සම්පුර්ණ කරලා සම්බුද්ධ ශාසනයට කළ හැකි ප්‍රයෝගික සේවාව කරනවා.

පොල් අතු ධර්මශාලා ගොඩනැගිලි, කටුමැටි සංඝාවාස ගොඩනැගිලි ධාතු මන්දිර නොමැති තැන්වලට ධාතු මන්දිර ඉදිකිරිමට මෙරට ඉතිහාසේ කිසිදිනක වෙන් නොකෙරුණු මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා.

එය අපි කරන්නේ අපි ප්‍රායෝගික බෞද්ධයන් නිසයි. අපි ජනතාව රවටන කෘතිම බෞද්ධයෝ නොවෙයි. බොරු දේශප්‍රේමිත්වයක් මවා ගෙන ජනතාව රවටන මේ අය තමන්ගේ මුදලින් එකදු චෛත්‍යයක් නිර්මාණය කරලා නැහැ. ඔවුන් ජනතාව රවටලා මන්දිර දේශපාලනය කිරීම තමයි ඔවුන්ගේ ඉලක්කය. අපි මන්දිර දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා. අපිව පාලකයෝ බවට ජනතාව පත් කළ පසු බදු මුදලින් පෝෂණය වන පාලකයෝ බවට අපි පත් වෙන්නේ නැහැ. අපි අපේ පෞද්ගලික නිවෙස්වල සිට තමයි මේ රටටට සංවර්ධනය උදාකරලීමේ සංවර්ධනය උදා කරලීමේ කටයුතු කරන්නේ.

අපි අපේ කාලවකවානුව තුළ දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක කරනවා. ජනතාව ලොකු පිපාසයකින් සිටිනවා, අලුත් සංවර්ධන රටාවක් ක්‍රියාත්මක කරනවා දකින්නට. අපේ රටේ ජාතික සංවර්ධනය උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කරනවා. එම ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම හැම ග්‍රාමසේවා වසමකම, හැම කුඩා ගම්මානයක්ම ශක්තිමත් කරන්න කටයුතු කරනවා.

ජනතාවගේ ලොකුම බලාපොරොත්තුව ගම රට දියුණු වෙනවා දැකිමයි ! 

ජනතාවගේ ලොකුම බලාපොරොත්තුව ගම රට දියුණු වෙනවා දැකිමයි. හැම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම තාක්ෂණික විද්‍යාල ඇති කරනවා. ඒවායෙන් පරිගණක තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රිසි භාෂා අධ්‍යාපනය තරුණ පරපුර වෙත ලබා දෙන්න කටයුතු කරනවා.

ඊට අමතරව හැම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයකම කර්මාන්ත පුර ඇති කරලා ගමේ සිටම රැකියවකට යාමේ අවස්ථාව තරුණ තරුණියන්ට ලබා දෙනවා. එවිට ගම හදා රට හැදෙනවා.  අපනයන කේන්ද්‍රකර ගත් ආර්ථිකයක්, දැනුම කේන්ද්‍රකරගත් ආර්ථිකයක්, නව උත්පාදන පිම්මක් තුළ ඉදිරියට පනින ආර්ථිකයක්, රටක් ලෙස ශක්තිමත් දේශයක් ශක්තිමත් ආර්ථිකයක් පොඩි මිනිහට සහන ලැබෙන ජනතාවාදි ආර්ථිකයක් අපි නිර්මාණය කරනවා. ජනතාව අධික ජිවන බරකින් සිටින බව අපි දන්නවා. අපි එය අවබෝධ කරගෙන සිටිනවා.

කොහොම වුණත් 2014 පැවැති අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලට වඩා අද බොහෝ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුයි. ඒක තමයි ඇත්ත කතාව.නමුත් ජනතාවගේ ආදායම් මාර්ග සිමාවීම තුළ ජිවත්වීමේ බර ජනතාවගේ කර පිට බර පැටවිලා තියෙනවා. ඒ අසහනය පීඩනය අපි හොදින් දන්නවා. කව්රුත් අපට ටියුෂන් දෙන්න අවශ්‍ය නැහැ ජනතාව විදින දුක පිඩාව අසහනය ගැන.  අපි ජාතික නිෂ්පාදනය වර්ධනය කරලා, ජාතික නිෂ්පාදන ධාරිතාවය උසස් මට්මට ගෙනල්ලා, මේ රටේ පොදු ජනතාව මුහුණ දෙන බදු බරින් නිදහස් කරලා බදු අවම කරලා අසහනකාරි පීඩනකාරි ජිවිතයෙන් ජනතාව මුදවාගෙන පොඩි මිනිහට සෙත සලසන යුගය අපි ආරම්භ කරනවා.

මගේ පියා පාසල් ළමුන්ට ලබා දුන් දිවා ආහාරය මගේ ප්‍රතිවාදියාගේ පාලන කාලයේ අහෝසි කළා. මා බලයට පත් වූ පසු පාසල් දරුවන් ලක්ෂ 43 ටම දිවා ආහාරය වගේම නිලඇදුම් කට්ටල දෙක බැගින් ලබා දෙනවා. අපේ මේ ව්‍යයාමය හුදෙක් පොදු ජනතාව රජකරවිම මිස අපට තනත්‍රරු වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලබා ගැනීමේ සිහිනය සැබෑ කරගැනීම නොවෙයි. එවන් සිහිනයක් අප සතුව නැහැ.

IMG 20191023 WA0009