රටේ ත්‍රස්ත අවදානමක් ඇති බවට ගෙන යන ප්‍රචාරය බොරුවක් !

රටේ ත්‍රස්ත අවදානමක් ඇති බවට ගෙන යන ප්‍රචාරය බොරුවක් !

රටේ යළිත් ත්‍රස්ත අවදානමක් මතුව ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දැනට රට තුළ කිසිදු ආකාරයක ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කර තිබෙන බවද  ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් මා විසින් 2019 අප්‍රේල් 23 වන දින නිකුත් කරන ලද PS/SP/SB/C/14/2019 දරන චක්‍රලේඛය සහ ඉන් අනතුරුව වරින් වර එකී ආයතනයන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව කරන ලද සාමාන්‍ය සිහි කැඳවීම් සහ උපදෙස් අඩංගු ලිපි හා චක්‍රලේඛ වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් පවතින බවට අර්ථනිරූපනය කරමින් සහ අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයේ ලිපි නිකුත් කර ඇති බවට මා වෙත කරුණු වාර්තා වී තිබේ.

දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කරන අතර මෙම අසත්‍ය සහ විකෘති කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස දැනුම් දෙමි.

රාජ්‍ය ආයතන, ජාතික වැදගත්කමක් ඇති ආයතන සහ පොදු ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශ සියලු පියවර ගෙන තිබේ.
එබැවින් හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් උද්ගත වී ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න