Language Switcher

V2025

ගෝඨා රජයේ සම්පත් විකුණලා නැද්ද?

වත්මන් රජය විදේශයන්ට විකුණා දැමු සම්පත් නැවත ලබා ගැනීමට ක‍්‍රියා කරන බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබුණේ ඉකුත් දා තිබු ජාතික සමථා බලවේගයේ ජනහමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ කියන පරිදි මේ රටේ සියලූ සම්පත් විදේශයන්ට විකුණා ඇත්තේ වත්මන් රජයය. නමුත් ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ කළ කි දෑ ඔහුට දැන් අමතකව ගොසිනි.

ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකුව සිටි ගෝඨාභය රජපක්ෂ මෙරටට පැමිණියේ 2005 වසරේදිය. ඒ  මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට තර`ග කළ අවස්ථාවේදීය. එහිදි පැමිණි ඔහු සිය සහෝදරයා දිනවීමට මනාප ලබා දුන්නේද නීති විරෝධි අයුරිනි. එතකින් නොනවැතුණු ඔහු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ මහතාද ගෝඨාභයගේ හැටි හො`දින් දන්නා හෙයින් ආරක්ෂක ලේකම්ධුරය ඔහුට දෙන්න දෙවරක් සිතුවේ නැත. 2009 වසරේදී යුද ජයග‍්‍රහණයෙන් පසුව ඔහු රණවිරුවන් යොදා ගත්තේ නගර අලංකරණ කටයුතු වලටය. ඔහුගේ සහෝදර බැසිල් රාජපක්ෂ රණවිරුවන් යොදා ගත්තේ ඒසී කාමර වල සිටින බල්ලන් නෑවීමටය. ඒ වන විට රාජපක්ෂ රෙජීමයෙන් රට වෙලා ගෙන තිබු අතර ඔවුන්ගේ අණට ඉහළින් කාක්කෙක්වත් පියඹා ගියේ නැත.

ඔවුන්ට එරෙහිව කථා කළ අය එක්වරම අතුරුදහන් විය. නැතහොත් නා`දුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරකට ගොදුරු විය. නැතහොත් අමානුෂික ලෙස පහර කෑමට ලක් විය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ ආදි රාජපක්ෂවරුන්ගේ බලයෙන් උදම් ඇනු මැති ඇමතිවරු මෙන්ම පළාත් සභා දේශපාලන නියෝජිතයින්ද ඔවුන් වටා සිටි ආධාරකරුවන්ද සිටියේ අඩි ගණනාවක් ඉහළිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා 2008 වසරේදි ශ‍්‍රි ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු ආරම්භ කරන විට එහි සභාපතිවරයා වුයේ ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරෙකි. ඔවුන් එම සමාගම භාර ගන්නා විට එමිරේට්ස් සමාගමේ  සමුච්චිත ලාභය රුපියල් බිලියන 14 ක් විය. නමුත් මේ වන විට එම සමාගම බිලියන 250 කින් පාඩු ලබමින් ඇත්තේ දිනෙන් දිනම බංකොලොත්භාවයට පත් වෙමිනි. එමෙන්ම මොවුන් විසින් ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සේවය පටන් ගත්තේද ඔවුන්ගේම ඥාති පිරිසකට රැකියා ලබා දෙමිනි. අවසානයේ එම ගුවන් සමාගමත් නැත්තටම නැති වී ගියේය.

මේ අතර නගර අලංකරණ කටයුතු කළ නාගරික සංවර්ධන අධිකාරියද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුපියල් බිලියන 39 ක ණයකාරයන් බවට පත් කළේය.

අවසානයේ ඔහුගේ ගොදුර වුයේ මෙරට වටිනාම වස්තුවකි. ඒ ශ‍්‍රි ලංකා යුද හමුදා මුලස්ථානය පිහිටා තිබු කොළඹ, ගාලූ පාරේ අක්කර 10 ක් සහිත ඉඩමය. ඔහු මෙය රුපියල් මිලියන 8250 කට විදේස් සමාගමකට ලබා දුන්නේය. මෙහිදි යුද හමුදා මුලස්ථානය ස්ථාන 17 කට බෙදී වෙන් වී ගිය අතර නව හමුදා මුලස්ථානය ඉදිකිරීමට යෝජිත වුයේ බත්තරමුල්ල, අකුරේගොඩය. නමුත් යුද හමුදා මුලස්ථානය විකිණිමට තිබු හදිස්සිය ඔහුට එය ඉදි කිරිමට තිබුණේ නැත. මුලස්ථානයේ සිටි ආරක්ෂක භට පිරිස් ඇද වැටුනේ මහම`ගටය. ඔවුන්ට කුලී ගෙවල් වල පිහිට පතන්නට සිදු විය. පාඨලී චම්පික අමාත්‍යවරයා ස`දහන් කරන පරිදි වසරකට මෙම ආරක්ෂක කුලී ගෙවල් වලට පමණක් රුපියල් කෝටි 500 ක් වැය වේ. 2013 සිට ආරක්ෂක අංශ සිටින්නේ මෙසේය.

මේ වන විට බත්තරමුල්ලේ ඉදිකෙරෙන හමුදා මුලස්ථානය ඉදි කිරිමට පමණක් රුපියල් මිලියන 64000 ක් ගිහින් තිබෙන අතර එහි වැඩ අවසන් වන්න තවත් මුදල් විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය කර තිබෙන බවද එහිදි අමාත්‍යවරයා හෙලි කර තිබුණි.

කිසිසේත්ම අප රටට දරු ගත නොහැකි අයුරින් ඉදි කෙරෙන්නා වු මේ හමුදා මුලස්ථානය නඩත්තු කිරිමට පමණක් වසරකට රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය වන බව හෙලිව තිබේ.

නමුත් යුද හමුදා මුලස්ථානය තිබු ගාලූ පාර ඉඩම අද ෂැංග‍්‍රිලා හෝටලය ධනවතුන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත. යුද්ධය දිනවීමට කටයුතු කළ රණවිරුවන් කුලී නිවෙස්වලය.

එමෙන්ම ශ‍්‍රි ලංකා නාවික හමුදාව ගාලූ වරායට ආසන්න මුහුදේ පවත්වාගෙන ගිය අවි ගබඩාව ම`ගින් 2010 -2012 කාලයේ මිලියන 2000 කට ආසන්න ලාභයක් ලබා ඇති නමුත් පසුව එය රක්නා ලංකා ආයතනයටත් පසුව ඇවන්ගාඞ් සමාගමටත් ගෝඨාභය ලබා දුන්නේ පුද්ගලික හිතවත්කම් මතය. මේ නිසා 2012 සිට 2015 දක්වා රුපියල් මිලියන දහ දාහක මුදලක් මෙරටට අහිමිව ගොස් තිබුණි.

සියල්ල මේ ආකාරයෙන් පුද්ගලික හිතවත්කම් මත විකුණු සමය දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතකව යාම පුදුමයට කරුණකි. ඇතැම් විට එය ඔහුගේ වයස නිසා සිදු වුවක්ද විය හැකිය.

මේ රටේ ජනතාව ඔවුන්ට වරක් නොව දෙවරක්ම අවස්ථාව ලබා දී තිබුණේය. නමුත් ඔවුන් විසින්ම එම අවස්ථාව අහිමි කර ගත්තේය. නමුත් පෙර සැප සම්පත් සිහිවෙද්දි අයියා බැරි නම් මල්ලි දමා හෝ වැඬේ කර ගන්නට ඔවුන් හදන්නේ ඔවුන්ගේ අභිවෘද්ධිය ගැන සිතා මිසක් රට ගැන නම් සිතා නොවන බව ජනතාව අවබෝධ කර ගත යුතුව ඇත.

(ayithiya වෙබ් අඩවියෙනි )