Language Switcher

V2025

රාජපක්ෂලා බලය ඇල්ලුවොත් ආර්ථික සම්බාධක ස්ථිරයි !

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  වැරදීමකින් හෝ ජයග්‍රහණය කළහොත් මෙරටට ආර්ථික සම්බාධක පැමිණවීමේ දැඩි  අවධානමක් ඇති බව ආර්ථික විශ්ලේෂකයන් අනතුරු හඟවයි.

ඔවුන් මෙම අනතුරු හැඟවීම සිදුකරන්නේ  එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බවට ගෝඨාභය රාජපක්ෂ රට හමුවේ තැබූ පොරොන්දුව පදනම් කරගනිමින්ය.

තමන් ජයග්‍රහණය කළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යත්නර සංවිධාන සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් ප්‍රතික්ෂේප කරන බවට  ගෝඨාභය රාජපක්ෂ රට හමුවේ පොරොන්දු වුයේ පසුගිය ඔක්තෝබර් 15 පැවති මාධ්‍ය හමුව අවස්ථාවේය. මේ අමනෝඥ පොරොන්දුව විශ්ලේෂණය කරමින් ආර්ථික විශ්ලේෂකයන්  පෙන්වා දෙන්නේ බලයට එන්නට පෙර ම ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර ප්‍රජාව සමග බාල්දියක් පෙරළාගෙන ඇති බවය. 
ඇත්ත කතාව වන්නේ ජාත්‍යන්තරයේ යෝජනා සහ නිර්දේශ යෝජනා ඇතුළට වැටෙන්න  ශ්‍රී ලංකාවට සිදුවූයේ රාජපක්ෂ පාලනයේ තිබූ අත්තනෝමතික සහ අවස්ථාවාදී හැසිරීමය.

 වඩාත් සරලව කිවහොත් රාජපක්ෂ පාලන සමයේ සිදුකල මනුෂ්‍ය ඝාතන, පැහැරගෙනයාම් සහ අතුරුදහන් කිරීම්, දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ජාතික සමඟිය සහ සංහිඳියාවට සිදුකල හානි, ඒ අතර වෙයි.

ඒ අනුව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ කරුණු සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සන්විධානය ඇතුළු ජාත්‍යන්තරය ඉතාම බරපතල ලෙස සලකන බවයි. මහින්ද රාජපක්ෂ පාලනය රටේ ජනතාව රැවටූ ආකාරයට ජාත්‍යන්තරයද රැවටීමට යාම නිසා එදා යුරෝපීය GSP ප්ලස් සහනය පවා රටට අහිමිවූ ආකාරයත් ඔවුන් සිහිපත් කරයි.

2015 රාජපක්ෂ රෙජීමය පරාජය වූ පසුව එම සහනය නැවත ලබාගන්නට හැකිවූයේ වත්මන් ආණ්ඩුව නිවැරදි රාජතාන්ත්‍රික පියවර අනුගමනය කරමින් ඇතිකළ විශ්වාසය නිසා බවත්,  2015 දී   රාජපක්ෂ රෙජීමය පරාජය නොවන්න මෙරටට දැඩි  ආර්ථික සම්බාධක පැනවීමේ දරුණු අවධානමකට ලක්ව තිබූ බවත් ආර්ථික විශ්ලේෂකයන් සිහිපත් කරයි.

එසේම රාජපක්ෂ පාලනය තුළ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඇතිකරගෙන තිබූ ගැටුම් හේතුවෙන් එදා මෙරට අපනයන වෙළඳපොල මුළුමනින්ම  බිඳවැටුණු බවත් ඇඟලුම් කර්මාන්තශාලා වැසීයාම, ධීවර කර්මාන්තය බිඳ වැටීම සහ අත්‍යාවශ්‍ය වෙළඳ භාණ්ඩ මිල ඉහල යමින් උද්ධමනය ඉහල ගිය ආකාරයත් ඔවුන් සිහිපත් කරනවා. තමන්ට රුපියල් දෙදහකට වඩා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න බැරි බව එදා මහින්ද රාජපක්ෂ කීවේද ඒ නිසා බවත් නමුත් එක්සත් ජාතික පෙරමුණ රටේ ආර්ථිකය නැංවීමට තිබූ විශ්වාසය සහ වැඩපිළිවෙල හේතුවෙන් රුපියල් දසදහසකින් රාජ්‍ය සේවක වැටුප් නැංවීමට  පොරොන්දුවීමට පමණක් නොව එම පොරොන්දුව ඉටුකිරීමට හැකිවූ බවත් එසේම සමෘද්ධි සහනාධාරය දෙගුණයක් කිරීමට, විශ්‍රාම වැටුප ඉහල දැමීම, රණවිරු  දීමනා වැඩි කිරීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහල දැමීම, ඖෂධ රැසක මිල පහල දැමීම ඇතුළු සහන ජනතාවට ලැබුණේද ඒ අනුව බවත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.