අනුරට බරපතල ලෙඩක්  : තාජුඩීන් ඝාතන නඩුවත් කල්යයි !

අනුරට බරපතල ලෙඩක්  : තාජුඩීන් ඝාතන නඩුවත් කල්යයි !

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක රෝගී තත්වයෙන් පසුවීම හේතූවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් 7 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඊයේ  (23) නියෝග කර ඇත.

මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බරපතල රෝගී තත්වයෙන් පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන හෙයින් අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින්ය.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීතී සංග‍්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුගේ රෝගී තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා මෙම නඩුව කැඳවන ලබන නොවැම්බර් 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා නීතීඥවරයාට දැනුම් දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න